• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතානායකට එරෙහිව ‌විපක්ෂය අත්සන් කරපු විශ්වාසභංගයේ තොරතුරු මෙන්න! කතානායකතුමා ව්‍යවස්ථාවත්- පාර්ලිමේන්තුවේ විශ්වාසයත්-මන්ත්‍රී වරප්‍රසාදත් උල්ලංඝනය කළා! සජිත් ඇතුළු විපක්ෂය සුබ මොහොතින් විශ්වාසභංගෙට අත්සන් කරයි! සුමන්තිරන්-කිරිඇල්ල-ජී. ඇල්.-තිස්ස-ශාන්-චන්දිමත් එක්වෙයි! චෝදනා 4ක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 26, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
කතානායකට එරෙහිව ‌විපක්ෂය අත්සන් කරපු විශ්වාසභංගයේ තොරතුරු මෙන්න! කතානායකතුමා ව්‍යවස්ථාවත්- පාර්ලිමේන්තුවේ විශ්වාසයත්-මන්ත්‍රී වරප්‍රසාදත් උල්ලංඝනය කළා! සජිත් ඇතුළු විපක්ෂය සුබ මොහොතින් විශ්වාසභංගෙට අත්සන් කරයි! සුමන්තිරන්-කිරිඇල්ල-ජී. ඇල්.-තිස්ස-ශාන්-චන්දිමත් එක්වෙයි! චෝදනා 4ක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු කාරකසභා අවස්ථාවේදී එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු හා තීරණවලට පටහැනිව සම්මත කර ගන්නා බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් ඉදිරිපත් කර සිටියදී එම විරෝධතා නොසලකා හරිමින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තීරණවලට පටහැනිව ආණ්ඩු පක්ෂයට එම පනත් කෙටුම්පතේ යම් යම් වගන්තීන් සම්මත කරවා ගැනීමට ඉඩ ලබා දීමෙන් නිසා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් අද (26) සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීන්දු කරන ලදී.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජී. ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් අත්සන් කරන ලදී.

එම විශ්වාසභංග යෝජනාව තුළින් මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ 13, 17, 20, 33 (6), 34 (1), 35 (1), 21, 22, 31 වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති යෝජනා නොසලකා කටයුතු කර ඇති බව මෙහි සඳහන් වේ. එසේම එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණ අනුව කටයුතු නොකර ඇති බවත් එසේ කටයුතු නොකිරීම නිසා දැනට එම පනත පවතින ආකාරයෙන් සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුවෙන් ලැබී ඇත්ද යන්න පිළිබඳ බලවත් ප්‍රශ්නයක් නැගී ඇති බවත් 2024.02.08 වැනි දින කතානායකවරයාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද සඳහන් කර තිබේ.

එසේම මෙම පනත තුන්වැනි වර කියැවීමේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් පැහැදිලි බෙදීමක් ඉල්ලා සිටියත් එම ඉල්ලීමද නොසලකා හරිමින් ඡන්දයකින් තොරවම මෙය සම්මත කර ඇති බවත් මෙවැනි ගැටලු රාශියක් තිබියදී ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බලන තෙක් එම පනත් කෙටුම්පත නීතියක් වන ලෙස අත්සන් නොකරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීමද නොසලකා හරිමින් කටයුතු කර තිබීමත් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට හේතු වී තිබේ.

කතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කිරිම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝනය කිරීම, කතානායක ධුරයේ ස්වාධිනත්වය හා ගෞරවය කෙළෙසීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් කඩ කරමින් සිය වගකීම් පැහැර හැර ඇති බව පවසමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන කුළුණු 3 ක්‍රියාත්මක වන බවත් අණපනත් සම්මත කර ගැනීම ව්‍යවස්ථාදායකය හරහා ක්‍රියාත්මක වන අතර එය නීත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කිරීම කතානායකවරයා ප්‍රමුඛ බලධාරීන් සතු වගකීමක් වුවත් මාර්ගගත සුරක්ෂිතතා පනත අද දවසේ නීතියක් බවට පත් වූයේ අනීතික ක්‍රමවේදයක් තුළ බව විපක්ෂ නායකවරයා පැවසීය.

එම කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ සහ යෝජනා මුළුමනින්ම බැහැර කොට මෙම පනත කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සම්මත වී ඔහු එයට අත්සන් තබා රටේ නීතියක් බවට පත් කර ඇත්තේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අනීතික ක්‍රමවේදයක් තුළ බවත් ඒ තුළින් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පවා උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ආකාරයට උත්තරීතර නීතිය අනුගමනය කරමින් නිවැරදිව ක්‍රමවත්ව අණපනත් සම්මත කර ගැනීම සිදු කළ යුතු වුවත් එය ඔහු හිතාමතාම උල්ලංඝනය කර ඇති බවත් එම නිසා මාර්ගගත සුරක්ෂිතතා පනත සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය තුළ කතානායකවරයාගේ ක්‍රියාකලාපය ගැන ඔහුට අප්‍රසාද පළ කරමින් ඔහු තුළ ඇති විශ්වාසය භංග වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අවස්ථා ගණනාවකදී සභාගර්බය තුළ හා ඉන් පිටත මේ වැරදි දේ නිවැරදි කර ගන්නා ලෙස තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනා ඉදිරිපත් කළත් ඔහු හිතාමතාම එම යෝජනා බැහැර කිරීම නිසා මෙවැනි විශ්වාසභංග යෝජනාවකට මුල පුරන බවත් මෙය ඊළඟ පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ලක් කරන බවත් ඉන් පසුව කඩිනමින් එය විවාදයට ගෙන ඔහුව තනතුරෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

සජබෙට එරෙහිව නඩු දාලා වාරණ නියෝග ගත්ත.. සජබ නායක සජිත්ට තැන තැන බැන බැන යන… රනිල් එක්ක නිතර නිතර කතා කරනවා කියන සරත් ෆොන්සේකා සජිත්ගේ මහර රැලියට ආරාධනාවක් නැතිවම ඇවිත්! තනිවම ඉස්සරහා පුටුවක වාඩි වෙලා හිටියත් කවුරුත් ගණන් අරන් නෑ! රැස්වීමේ කතාවක් ලැබිලත් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

මුලින්ම ඉන්දියාවෙන් IOC ආවා! ඊට පස්සෙ චීනෙන් සිනොපෙක් ආවා! දැන් අලුතින් ‌පෙට්‍රල් ෂෙඩ් 200ක් දාන්න ඕස්ට්‍රේලියාවෙන් ‘යුනයිටඩ් පෙට්‍රෝලියම්’ ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

Load More
කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

තමන් කළ ප්‍රකාශයක් මුල්කරගෙන ඇමැති සමන්ත විද්‍යාරත්න මිලියන 1000ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.