විදුලිබල අත්හිටුවීම නවත්වන බවට අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසුවද හෙට (25) සිට (28) වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඒ අනුව A, B, C, D, E, F, P, Q, R, S යන කලාපවලට පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිබලය අත්හිටුවනු ඇති.
එසේම, CC හෙවත් වාණිජ නගරවල සහ M, N, O, X, Y, Z කලාපවලට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටද අවසර ලබාදුන් බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
විදුලිබලය අත්හිටුවන කලාප සහ වේලාවන් පහතින් දැක්වේ.












