• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරීනුයි-මනූෂයි රන්ජන් ගැන ජිනීවාවලට බාර දුන් ලියුම එළියට!

March 3, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
හරීනුයි-මනූෂයි රන්ජන් ගැන ජිනීවාවලට බාර දුන් ලියුම එළියට!
Share on WhatsAppShare on Facebook

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක මහතා නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහාකොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ හට ලිපියක් බාර දීමට පියවර ගෙන තිබිණ.

එම ලිපිය මෙසේය.

2022 මාර්තු 01 වැනි දින
 
මිෂෙල් බැචලට් ජෙරියා
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්
 
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය
Palais Wilson
52 rue des paquis
CH-1201 ජිනීවා ස්විට්සර්ලන්තය
 
ගරු මහකොමසාරිස්තුමියනි,

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‍රන්ජන් රාමනායක හට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීම සහ ශ්‍රී ලංකාව තුළ සිවිල් අයිතිවාසිකම් වසර 7ක් සඳහා අත්හිටුවීම සම්බන්ධයෙන්

පහතින් අත්සන් යොදා ඇති අප, ඉහත සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ‍රන්ජන් රාමනායක මහතා ඔහුගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් බරපතල වශයෙන් උල්ලංඝනය කිරීමට ලක්වීම පිළිබඳව ඔබේ අවධානය යොමුකිරීමට කැමැත්තෙමු.
අපි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධානතම නියෝජිත පක්ෂය සහ රටේ ක්‍රියාත්මක වන ප්‍රධානතම විපක්ෂ දේශපාලන පක්ෂය නියෝජනය කරන්නෙමු. තමන් හට සිරදඬුවම නියම කෙරෙන විට, රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුව තුළ අප පක්ෂය නියෝජනය කළ බව ද ඔබේ අවධානයට යොමු කරන්නෙමු.
මෙකී වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් පැනවීම සහ සිවිල් අයිතිවාසිකම් වසර 7කට අත්හිටුවීම පිළිබඳ තීන්දු ලබාදෙන ලද්දේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. එම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද්දේ 2021 ජනවාරි 21 වැනි දින, එනම් වර්තමාන ආණ්ඩුවට අතිශය බහුතර බලයක් ලබා දුන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා මාස 4ක කාලයක් ද, අගමැති මහින්ද ‍රාජපක්ෂ මහතාගේ කණිෂ්ඨ සොහොයුරු ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් වී වසරකුත් මාස දෙකක කාලයක් ගත වූ තැන දී ය.
 
පසුබිම
රන්ජන් රාමනායක මහතා ප්‍රවීණ නළුවෙකු ලෙස දශක කිහිපයක් කටයුතු කොට ඇති අතර, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ද විය. වසර ගණනාවක් එකපිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නළුවා සම්මානය ට ද ඔහු හිමිකම් කීවේය. ඔහුගේ චිත්‍රපට බොහොමයක් පාදක වූයේ පීඩිත ජනතාවට යුක්තිය ඉෂ්ඨ කිරීමත්, වංචාව හා දූෂණයට එරෙහිව සටන් වැදීමත් ය. මුල්වරට එක්සත් ජාතික පක්ෂයට එක්ව මැතිවරණයට තරග කළ ඔහු, වැඩි ඡන්ද සංඛ්‍යාවක් සමග විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගනිමින්, රාජපක්ෂ රෙජීමය එකල නායකත්වය දුන් පක්ෂයට දැඩි අභියෝගයක් බවට පත්විය. ඉන්පසු, අපි ද සාමාජිකයන්ව සිටින සමගි ජන බලවේගය පක්ෂයට එක්ව ඔහුගේ දේශපාලන ගමනේ අඛණ්ඩව නියුතු විය. ඔහු මැතිවරණයට තරග කළ සෑමවිටම විශාල ඡන්ද සංඛ්‍යාවක් දිනාගනිමින්, අතිශය ජනප්‍රිය සහ අපරාජිත දේශපාලකයෙකු බවට පත්වූයේ මෙරට පොදු මහජනතාවගේ ආදරය සහ විශ්වාසය දිනාගනිමිනි.
ඔහු, දේශපාලන නායකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දූෂිත බව ගැන සෑමවිටම විවෘතව විවේචන එල්ලකරමින්, සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා නොපිරිහෙලා ඉටුකිරීම සඳහා කැප විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ඔහුට එරෙහි දූෂිත දේශපාලන සතුරු බලවේග ඔහුගේ දේශපාලන ගමන අවහිර කිරීමට සාර්ථකව පිඹුරුපත් සකස් කිරීමයි.
 
අවධානය යොමු විය යුතු කරුණු
රන්ජන් ‍රාමනායක හට දඬුවම් නියම විය. කෙසේ නමුත්, මෙය සිරදඬුවමකටත් වඩා, රටේ දේශපාලනය නිසා අසාධාරණයට ලක් වූ ජනතාව වෙනුවෙන් නැගුණු හඬක් නිහඬ කිරීමක් බව බහුතර ජනතාවගේ හැඟීමයි. දැන් රටේ ජනතාව සිතන්නේ වැරැද්දට හෝ වංචාවට, දූෂණයට එරෙහිව හඬ නැගීම හෝ සටන් කිරීම යනු ජීවිතයට නොයෙකුත් අසීරුතා ගෙනදෙනු ඇති බවයි. මේ නිසා රටේ මිනිසුන් කිසිවකට එරෙහි නොවී, නිහඬව සිටින ජනතාවක් බවට පත්ව, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ද ඔවුන්ගෙන් ක්‍රමයෙන් උදුරාගනු ඇත.

රන්ජන් රාමනායක මහතා හට යුක්තිය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවට සහ ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මැදිහත් විය යුතු යැයි අපි අවධාරණය කරන්නේ ඇයි?
රන්ජන් රාමනායක මහතා හට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් පැනවීම සහ ඔහුගේ සිවිල් අයිතිවාසිකම් වසර 7කට අත්හිටුවීම උගත් පුද්ගලයන් අතර ආන්දෝලනාත්මක ගැටලුවලට තුඩු දී ඇති කරුණකි. එවන් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වීමෙන් පෙනීයන්නේ රන්ජන් රාමනායක මහතා හට පැනවූ දඬුවම සාධාරණ හෝ ඉවසිය හැකි නොවන බවයි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පොදු නීතියේ මූලික සංකල්පයන් උල්ලංඝනය කරන්නා වූ ද, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම්වලට සෘජුවම හානිකර වන්නා වූ ද, සමහර ආන්දෝලනාත්මක ගැටලු මෙමගින් ඔබේ අවධානය පිණිස යොමුකරමු.

  1. බ්‍රිතාන්‍ය යටත්විජිත ‍යුගයේ සිට බලපැවැත්වුණු සාපරාධී අපහාස නීතිය 2002 වසරේ දී පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව අවලංගු කරන ලදී. මින් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ පරිපාලනය විසින් සැලකියයුතු පරිදි සහ ප්‍රකාශිතවම මූලික අයිතිවාසිකම් සඳහා වටිනාකමක් ලැබෙන බව තහවුරු කිරීමයි.
  2. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය අනුව, අධිකරණයට අපහාස කිරීමක් සඳහා දඬුවම් පැනවීමේ බලය ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සතු වේ. නමුත් මෙකී වගන්තියෙන්, එසේ දඬුවම් පැනවීම සඳහා වූ අධිකාරිය සහ අධිකරණයේ අභිමතය පිළිබඳව පමණක් හැඳින්වීමක් ලබාදෙයි.
  3. සිය අභිමතය අනුව ලබා දිය යුතු දඬුවම සහ අදාළ දඬුවම් කාලසීමාව තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සතුව බලතල තිබේ. එය ඒකාන්තයෙන් සීමාන්විත හෝ නියත නොවන අතර, එහෙයින් එය නෛතික වශයෙන් ගුණාත්මක නොවන නීතියකි.
  4. රන්ජන් රාමනායක මහතා හට වසර 4ක් සඳහා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම විය.

බරපතල වැඩ සහිත සිර දඬුවම යනු කුමක්ද?
සිර දඬුවම යන්න විශේෂයෙන් ම හඳුන්වා දී ඇත්තේ අපරාධ වැරදි සඳහා බව ලොව පුරා මනාව ස්ථාපිත වී ඇති නීතිය යි. අපරාධ වරද මූලික නීතිමය අංග දෙකකින් සමන්විත වේ. ඒවා නම්, මානසික අංගය “mens rea” (සාපරාධී චේතනාව) සහ කායික අංගය “actus reus” (පනත් මගින් අවශ්‍ය කෙරෙන පරිදි කායික අංගය සපුරාලන ක්‍රියාව හෝ පැහැර හැරීම) වේ. නමුත්, රන්ජන් රාමනායකගේ නඩුවේ දී (ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 1/2018) මානසික අංගය ප්‍රශ්න සහගත ය. “…ජනතාවගේ අධිකරණ බලය අධිකරණ මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය…” වශයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) වගන්තියේ දැක්වීම එයට හේතුව යි. රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ව සිටිය දී ප්‍රශ්නගත ප්‍රකාශය සිදු කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස යුක්තිය උදෙසා ජනතාව වෙත අපක්ෂපාතී සේවයක් ලබා දීම සඳහා අධිකරණයේ අවධානය යොමු කරලීම සඳහා ඔහුට වගකීමක් තිබිණ. අධිකරණයක් යනු පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීති ක්‍රියාවට නංවන යාන්ත්‍රණයකි. රටෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු සාමාජිකයෙකුගේ කාර්ය දැක්වෙන අතර 14(1) වගන්තියේ,
“සෑම පුරවැසියෙකුට ම,
(අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම ඇත්තේ ය;” ලෙසින් දැක්වේ.

දඬුවම බරපතල වැඩ සහිත සිර දඬුවමක් වන්නේ නම්, එයින් අදහස් කෙරෙන්නේ සැකකරු අපරාධකරුවෙකු බවට අධිකරණය පූර්වානුමාන කරන බව යි. ඒ සඳහා, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීති මගින් වරද කරන්නා ව සියයට සියයක විනිවිදභාවයකින් යුතු ව හඳුනා ගත යුතු ය. එනම්, මානසික අංගය පමණක් නොව කායික අංගය ද නීතිය පැහැදිලි ව දක්වන පරිදි සාපරාධී ක්‍රියාව සංස්ථාපනය කළ යුතු ය. නමුත් මෙහි දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ ක්‍රියාවක් අර්ථ දක්වා නැත. එනම්, කලින් කලට, විනිසුරුවරුන්ගෙන් විනිසුරුවරුන්ට, අධිකරණයට අපහාස කිරීමේ වරද වෙනස් වන අතර දඬුවම්වල රටාව ද නීතිමය සීමාවකින් හෝ රාමුවකින් තොර ව විනිසුරුවරුන්ගේ හෘදසාක්ෂියට අනුව වෙනස් වේ. එම නිසා, රන්ජන් රාමනායක මහතා හට ක්‍රියාවක් මත නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ජනප්‍රිය දේශපාලනඥයෙකු වශයෙන් ඔහු සතු දේශපාලනික ජනප්‍රියතාව සහ වෘත්තිය ගමන් මග මත පදනම් ව (බරපතල වැඩ සහිත ව වසර 4ක සිර දඬුවම් + ඔහුගේ දේශපාලනික ව්‍යාපාරවලට එරෙහි ව සිවිල් අයිතිවාසිකම් අත්හිටුවීම) දඬුවමක් ලබා දී ඇති බව ඉතා පැහැදිලි ය. එම නිසා, මෙම දඬුවම අන්තර්ජාතික නීතිය කඩ කිරීමක් සහ අනීතික සිරගත කිරීමක් ලෙස සැලකෙන විසමානුපාතික දඬුවමක් වන බවට මනාව පැහැදිලි වේ.

අධිකරණයට අපහාස කිරීමේ වරද සඳහා දඬුවම තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හට අභිමතානුසාරී බලයක් පැවරී තිබුණ ද, ඔවුන් බැඳී සිටින ස්වභාවික යුක්ති මූලධර්මවල මූලිකාංග විනිසුරුවරුන් සලකා බලා නොමැත. ප්‍රධානතම මූලික මූලධර්මය වන්නේ,

තමාගේ ම නඩුවක විනිසුරු තමා ම නොවිය යුතු ය යන අදහස ඇති (ලතින් භාෂාවෙන්) නීමෝ ජුඩෙක්ස් ඉන් කෞසා සුආ (“Nemo Judex In Causa Sua”) යන මූලධර්මය යි.

අධිකරණය රන්ජන් රාමනායක මහතාට එරෙහි ව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් පිළිබඳ ව නඩුවක් විභාග කළ අතර අධිකරණය වෙනුවෙන් අධිකරණය විසින් ම දඬුවමක් ලබා දෙන ලදි.

අධිකරණයට අපහාස කිරීමේ නඩු සලකා බැලීමේ දී බොහෝ රටවල මෙම මූලධර්මය අනුගමනය කෙරේ. විශේෂයෙන් ම මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය හා එංගලන්තය හා තවත් බොහෝ රටවල, “one cent fine”, අධිකරණ පරිශ්‍රය තුළ පැය අටක් රැඳී සිටීමට සැලැස්වීම ආදී නාමික දඬුවම් ප්‍රකාශයට පත් කෙරේ. එයට හේතුව වන්නේ, ඉහතින් සඳහන් කරන ලද අධිකරණ සහ අධිකරණ පද්ධති සෑම විට ම දඬුවම් ලබා දීමට වඩා මූලික නීතිමය අංග ආරක්ෂා කිරීම සඳහා අවධානය යොමු කිරීම යි. එම නිසා, රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් ලබා දීමේ සිද්ධිය පුරාවට නීතිමය මූලිකාංග යොදාගැනීමේ වරද පවතින අතර රන්ජන් රාමනායක මහතා අනීතික සිරභාරයේ සිටින තාක් මේ වරද අඛණ්ඩ ව ඉදිරියට පැවැතේ. මේ හේතුවෙන්, UNHRC විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට මැදිහත් වීම් සිදු කිරීම ඉතා සාධාරණ වේ.

ශ්‍රී ලංකා ජනරජය ඇතුළත කවර හෝ අධිකරණයකින් කවර හෝ වරදකට වරදකරුවෙකු වූ පුද්ගලයෙකු හට සමාව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය මගින් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමන් හට බලතල පැවරී ඇත්තේ ය.

මෙම ජනාධිපති බලතල අධිකරණ පවත්වා ගෙන යාමට අමතර ව යහපත පිණිස යුක්තිය පිහිටුවීමට හා ක්‍රියාත්මක කිරීමට සහ යුක්තිය උදෙසා නීතිමය තීරණ නිවැරදි කිරීමට එක්සත් රාජධානියේ චාන්සරි අධිකරණයක් හරහා 1873 දී පසුව හඳුන්වා දෙනු ලැබුණ, 1681 චාන්සරි අංශ මූලධර්මයෙන් සමන්විත වේ. නමුත් ශ්‍රී ලංකාව තුළ, ජනාධිපති සමාව යොදාගැනෙමින් ඇත්තේ බලයේ සිටින පක්ෂයේ දේශපාලනික සහයකයින් ව ආරක්ෂා කිරීමට ය. එනම්, ජනාධිපති සමාව ලබා දීමේ බලය වැරදි ලෙස අවබෝධ කරගෙන ඇති අතර එය අයුතු ලෙස පරිපාලනය කෙරේ. උදාහරණ වශයෙන්, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මිනීමැරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කරන ලද දීර්ඝ නඩු විභාගයකින් පසුව දඬුවම් නියම කෙරෙන ලද හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 5 දෙනෙකුගෙන් යුතු විනිසුරු මඬුල්ලකින් එකී දඬුවම ස්ථිර කෙරෙන ලද, බලයේ සිටින පක්ෂයේ සහයකයෙකු වන දුමින්ද සිල්වා මහතා හට ජනාධිපති සමාව ලබා දීම සහ තවත් එවන් පාලන පක්ෂයේ සහයකයෙකු වන ගලගොඩ අත්තේ ඥානසාර හිමිට අභියාචනාධිකරණය මගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී තිබිය දී ජනාධිපති සමාව මත නිදහස් කිරීම සහ එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කොමිසමේ සභාපති ලෙස උන්වහන්සේ ව පත් කරනු ලැබීම දැක්විය හැකි ය. එනමුදු, බොහෝ සමාජ ක්‍රියාකාරීන් සහ ගරු විපක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රන්ජන් රාමනායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කරන ලෙසට ඉල්ලීම් ගණනාවක් කළ ද එකී ඉල්ලීම්වලට සවන් දීමක් සිදු නොවිණි.

මෙම තත්ත්වය යටතේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, බලයේ සිටින ඔහුගේ පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ එක් ව රන්ජන් රාමනායක මහතා ව අනීතික සිරභාරයට ගැනීමෙන් වළක්වාලීමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි ව ඇති අයිතිවාසිකම් හා අනීතික සිරභාරයට එරෙහි නිදහස උල්ලංඝණය කරන විසමානුපාතික දඬුවමක් ලබා දීම දක්වා ව්‍යාප්ත වුණ අධිකරණයේ අභිමතය පිහිටුවීම ඉවත් කිරීමට අපොහොසත් වී ඇත. ඒ හේතුවෙන් රජය රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය සහ ඔහුගේ මූලික අයිතිවාසිකම් අගෞරවයට පාත්‍ර කර ඇත.

එහෙයින්,

  1. රන්ජන් රාමනායක මහතා නීතිවිරෝධී ලෙස රඳවාතබාගෙන ඇති අතර, ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබේ.
  2. රන්ජන් රාමනායක මහතා හට දඬුවම් නියම වූයේ අවිනිශ්චිත වරදක් සඳහා ය.
  3. රන්ජන් රාමනායක මහතා හට නියම වූයේ අපරාධකරුවෙකුට පැනවෙන ආකාරයේ අවිනිශ්චිත දඬුවමකි.
  4. මෙම සිරදඬුවම නිසා රන්ජන් රාමනායක මහතාගේ දේශපාලන ජීවිතය විනාශයට පත්විය.
  5. රන්ජන් රාමනායක මහතා අපරාධකරුවෙකු ලෙස සිරභාරයේ රඳවාගෙන ඇත්තේ නිසියාකාර කරුණුවලින් තොරව ය.
  6. මෙම තීන්දුවේ, එවැනි තීන්දුවකට එළඹීම සඳහා වූ හේතු දක්වා නොමැත.
  7. රන්ජන් ‍රාමනායක මහතා හට මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීම සඳහා අවස්ථාවක් නොලැබේ. එකී තීන්දුව සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් යටතේ නැවත විභාග කිරීමට හෝ, ශ්‍රේෂ්ඨාධිකරණය සතු ප්‍රතිශෝධන බලතල යටතේ නැවත විමසීමට තීරණය කර නොමැත.
  8. අධිකරණය විසින් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය ප්‍රකාරව රන්ජන් ‍රාමනායක මහතා හට තවදුරටත් අභියාචනා කිරීම සඳහා අවහිරයක් පවතින බැවින්, ඔහුගේ වෘත්තියට පිළිසකර කළ නොහැකි තරම් හානියක් සිදුව ඇති අතර, එමගින් සාධාරණත්වයේ නීතියට අනුව දැඩි හානියක් සිදුව තිබේ.
  9. රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් යුක්තිය පැතිය හැක්කේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය සහ ජාත්‍යන්තර ‍යුක්ති අධිකරණයේ මැදිහත්වීම හරහා පමණි.

එහෙයින්, අපි ඔබතුමියගෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටින්නේ,
a) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‍රන්ජන් ‍රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ එහි පාලක පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කරන ලෙසත්;
b) රන්ජන් ‍රාමනායක මහතාගේ ජීවත් වීමේ අයිතිය ඇතුළු අනෙකුත් සියලුම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ලෙසත්;
c) රන්ජන් ‍රාමනායක මහතාගේ නීතිවිරෝධී රඳවාගැනීම බලරහිත කිරීම සඳහා මැදිහත් වී කටයුතු කරන ලෙසත්;
d) රජයේ නීති අංශය විසින් දඬුවම් පනවන ලද හේතුව නිසා, මේ සඳහා රජයේ පාර්ශ්වය දැරිය යුතු වගකීම සම්පූර්ණයෙන්ම ඉවත්නොවන බවට ප්‍රකාශ කරන ලෙසත්;
e) රන්ජන් ‍රාමනායක මහතාව අප්‍රමාදව නිදහස් කර, ඔහුගේ සියලු සිවිල් අයිතිවාසිකම් යළි ලබා දෙන මෙන් ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපති සහ ආණ්ඩුවට නිර්දේශ කරන ලෙසත්, ය.

ස්තුතියි!
 
1                                     (අත්සන)
 
 
2                                   (අත්සන)
 
පිටපත්
 

  1. ලේකම් / ‍රෙජිස්ට්‍රාර් (ඇමුණුමක් ලෙස)
    ජාත්‍යන්තර යුක්ති අධිකරණය
SendShareShare
Previous Post

ඇමැති ඩග්ලස්ගේ මන්ත්‍රීවරයකු ආරක්ෂකයන් එක්ක ඇවිත් සිසුවකුට පහර දෙන වීඩියෝවක් ලීක් වෙයි! (VIDEO)

Next Post

රුසියාවේ විපක්ෂය පුටින්ට එරෙහිව යයි! යුක්රේනයට සහාය පළ කරයි!

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.