අද දින පැවැත්වෙන ජනාධිපතිවරයා විසින් කැදවනු ලැබූ සර්ව පාක්ෂික සමුලුවට රවුෆ් හකීම් මහතා සහ රිෂාඩ් බදියුදීන් මහතා නියෝජනය කරන පක්ෂ 2ද සහභාගී නොවීමට තීරණය කොට ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක්ම සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කිරීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමකි.










