“ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව සම්බන්ධයෙන් මා කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස, සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වූ මිග් ගනුදෙනු හෙළිදරව්ව ඔහුගේ ඝාතනයට ප්‍රධානතම චේතනාව වූ බව මම විශ්වාස කරමි,” යැයි වික්‍රමතුංග ඝාතනය පිළිබඳ හිටපු පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන විමර්ශකයා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන එම ඝාතනය පිළිබඳ මහජන විනිශ්චය සභාවට පැවසීය.
මිනීමරුවන් භාවිත කළ ජංගම දුරකථන සහ ජංගම දුරකථන කුළුණු සටහන් මගින් ඔවුන් හඳුනා ගත් ආකාරයත්, එම විමර්ශන ගොස් නැවතුණේ ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධානීන් ළග බවත් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විස්තර කළේය.
ජාත්‍යන්තර මාධ්‍ය නිදහස සංවිධාන එකමුතුවක් විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්‍රයක් මත පදනම්ව ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මැයි 12 වන දින හේග් හි මහජන විනිශ්චය සභාව විභාගය ආරම්භ කළේය.










