ලබන පෙබරවාරියේ පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය තව වසරකින් කල් දැමීමට රජයේ අවධානය යොමු ව ඇතැයි මාධ්‍ය වාර්තා කොට තිබේ.
දැනට පවතින පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ පෙබරවාරිය වන විට අවසන් වීමට නියමිතය.
ඇතැම් පළාත් පාලන ආයතනයන් මෙම සැප්තැම්බර් මස සිට විසුරුවා හැරීමට බලතල තිබුණත් පළාත් පාලන අමාත්‍යවරයාට එම මැතිවරණය වසරකින් කල් දැමීමට තිබෙන බලතල උපයෝගී කරගෙන මෙම මැතිවරණය කල් දැමීමට සාකච්ඡා කරමින්පවතින බව දිවයින පුවත්පත ඊයේ වාර්තා කොට තිබිණ.










