කොරෝනා මාර්ගෝපදේශ කඩකරමින් රාජ්‍ය ආයතනයක පැවැත්වෙන රැස්වීමක් පිළිබදව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.
රජයේ සියලු රැස්වීම සහ උත්සව නවත්වා ඇති අවස්ථාවක යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇඹිල්මීගම මාර්ග සංවර්ධන කාර්යාලයේ සෞඛ්‍ය නීති කඩා රැස්වීමක් පැවැත්වෙන බවත්, ඊට 75කට අධික පිරිසක් සහභාගී වී සිටින බවත් මෙම පැමිණිල්ල මගින් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වී ඇති ආණ්ඩුකාරවරයා ඒ පිළිබද වහාම සොයා බලන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ඊට සහභාගී වූවන්ට උදෑසන සහ දිවා භෝජනයද සූදානම් කර ඇති බවද වාර්තා වී තිබේ.
පවතින අර්බූදකාරී වාතාවරණය යටතේ අද දින 20ක් සමග පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් පවා තමන් අවලංගු කළ බවද මෙහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කොට තිබේ.










