ඉන්දීය රජය BIMSTEC රටවල පර්යේෂකයන් සහ පර්යේෂණ ආයතනවලට සබඳතා ගොඩනඟා ගැනීමට සහය වෙමින් තිරසාර නීල ආර්ථිකයක් නිර්මාණය කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා BIMReN (BIMSTEC – ඉන්දියා සාගර පර්යේෂණ ජාලය) එළිදක්වා ඇති අතර එය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ බෙංගාල බොක්ක වැඩසටහන – අන්තර් රාජ්‍ය සංවිධානය (BOBP – IGO) අතර ඒකාබද්ධ මුලපිරීමකි.Sri Lanka Latest News
BIMReN පහත අකාරයන්ගෙන් BIMSTEC රටවල ආචාර්ය උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉන්දියාව තුළ සිය ආචාර්ය උපාධි පර්යේෂණ සිදු කිරීමට සහ BIMSTEC රටවල විද්‍යාඥයන්ට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත විද්වතුන් අතර සහයෝගී පර්යේෂණ සඳහා පහසුකම් සැපයීමට අරමුණු කරයි.
i. BIMReN Split-Site Doctoral Fellowships – මේ හරහා BIMSTEC සාමාජික රටවල ආචාර්ය උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉන්දියානු රුපියල් මිලියනයක් දක්වා පර්යේෂණ ප්‍රදානයක් හා මාස 6-12 සඳහා ඉන්දියානු පර්යේෂණාගාරයක අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා අවස්ථාව ලබා දෙයි.
ii. Twinning Research Project – මේ හරහා මාස 24ක කාලසීමාවක් සදහා එක් ව්‍යාපෘතියකට ඉන්දියානු රුපියල් මිලියන 5ක් දක්වා වන ප්‍රදානයක් සමඟින් කලාපයට වැදගත් වන පර්යේෂණ වැඩසටහන් සඳහා එක්ව කටයුතු කිරීම සඳහා BIMSTEC සාමාජික රටවල ආයතන සහ පුද්ගලයන් අතර සහයෝගීතාවයන් සදහා පහසුකම් සැලසීමට අපේක්ෂා කරයි.
3.BIMSTEC කලාපයපුරා ධීවර, සමුද්‍රීය හෝ සාගර විද්‍යා ක්ෂේත්‍රවල පර්යේෂණයන්හි නිරත පර්යේෂකයන් සහ අධ්‍යයන ආයතනවලට මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ හිමිවනු ඇත. පළමු වටයේ අයදුම්පත් භාරගැනීම 2024 ජූනි 30 වනදා දක්වා විවෘතව පවතී. වැඩසටහනේ ලක්ෂණ සහ අයදුම් කළ යුතු ආකාරය ඇතුළු වැඩිදුර විස්තරhttps://www.bobpigo.org/pages/view/bimrenවෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.









