රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
එම සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි මහතා සඳහන් කළේ, ඊයේ (16) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ පරිදි නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සිදුකළ සංකේත වර්ජනය අද (17) උදෑසන 6.30ට තාවකාලිකව අවසන් කිරීමට කළ බව අතුරු වෛද්‍ය ඒකාබද්ධ පෙරමුණ පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, සතියක් ඇතුළත ඉල්ලීම් ලබා දීමට පියවර නොගත හොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවය.










