කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ 2023 උපසම්පදා මහෝත්සවයට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වී තිබෙනවා. මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ 2023 උපසම්පදා විනය කර්මය අග්ගමහා පණ්ඩිත, ආචාර්ය, ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක හිමියන්න්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ, ජූලි මස 22 දින කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී පවත්වා ඇත්තේ. මෙහිදී ස්වාමීන් වහන්සේලා 19 දෙනෙකු උපසම්පදා කරන ලද බවයි පැවසෙන්නේ.Sri Lanka Latest News
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමි ඇතුළු මහා සංඝරත්නය ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ඇතුළු විශාල ගිහි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පවත්වා තිබෙනවා.










