වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නා ලෙස කටයුතු කළ, පර්සි අබේසේකර මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.Sri Lanka Latest News
මියයන විට එතුමාගේ වයස අවුරුදු 87 කි.
පර්සි අබේසේකර මහතා ගාල්ල රිච්මන්ඩ්, ඇලෝසියස් සහ බද්දේගම සිරි රතනසාර විදුහල්වල ආදි ශිෂ්‍යයෙකි.
එතුමා 1979 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරි ගන්වන්නෙකු ලෙස කටයුතු කළ අතර, ක්‍රිකට් ක්‍රීඩකයින්, සහ ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රචලිතව සිටියේ ”පර්සි අංකල්” යන නාමයෙනි.
ඔහු, රටවල් ගණනාවක ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු හොඳින් දන්නා හඳුනන ශ්‍රී ලාංකිකයෙකු බවට පත්ව සිටියේය.










