ඉකුත් වතාවන් දෙකකදීම සාමාජිකත්වය දැරූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ගොඩහේවා මහතා පෙන්වා දෙන්නේ ස්වාධීන අදහස් දැරීම හේතුවෙන් මෙම ඉවත් කිරීම සිදු කොට ඇති බවකි.
ඒ සම්බන්ධයෙන් ගොඩහේවා මහතා තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේය.
පසුගිය පාර්ලිමේන්තු වාර දෙකේම මා සාමාජිකත්වය දැරු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් මෙවර මාව ඉවත් කොට ඇත. ජනාධිපතිතුමා සර්ව පාක්ෂික ආන්ඩුවකට විපක්ෂයට පවා ආරාධනා කරද්දී මහජන නියෝජිතයෙක් ලෙස පාර්ලිමේන්තුව තුල හා පිටත ස්වාධීනව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආන්ඩු පක්ෂයේ ප්‍රතිචාරය මෙයද ?










