දිලිත් ජයවීර මහතා නායකත්වය දෙන සර්ව ජන බලයෙන් ඉවත් වීමට එම පක්ෂය සමඟ එකතුව සිටි ගෙවිඳු කුමාරතුංග මහතා තීරණය කර තිබේ.Sri Lanka Latest News
ඊට ආසන්නම හේතුව වී ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන, සර්වජන බලය පක්ෂය හා සම්බන්ධ කර ගැනීමට දිලිත් ජයවීර මහතා ගෙන තිබෙන තීරණයයි.
මීට පෙර, එම පක්ෂයේ සභාපතිවරයාව සිටි සරත් අමුණුගම මහතා සර්ව ජන බලය පක්ෂයෙන් ඉවත් වූවේ, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අය එම පක්ෂය හා සම්බන්ධ කර ගැනීමට විරෝධය පාමිනි.










