ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පිපිරීම්වලින් විපතට පත්වූවන්ට, දේපළවලට හා උපකරණවලට රජයෙන් නිසි වන්දියක් දෙන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ ප්‍රකාශ කළේය.
එසේ වන්දි ලබා දෙන්නේ හදිසි අනතුරු පිළිබඳ සියලු තොරතුරු එක්රැස් කර මූලික හේතුව විශ්ලේෂණය කිරීමෙන් පසුව බව ඒ මහතා කියා සිටියේය.
දිවයිනේ ප්‍රදේශ රැසක හදිසියේ ඉහළ ගිය ගෘහස්ථ LPG සිලින්ඩර් පිපිරවීම් පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අටපුද්ගල විද්වත් කමිටුව සතියකින් වාර්තාව නිකුත් කිරීමට නියමිතය.
විපතට පත් පවුල්වලට සහන සැලසීම සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.










