පසුගිය සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වූ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයකම සංචාරය කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
පෙබරවාරි මස අවසන් සතියේ ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කොමිසමේ රැස්වීමේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මෙසේ පීරිස් මහතා වෙලාව ඉල්ලා ඇති බව දැනගන්නට ඇත.
ඊට ඇතැම් රටවල්වලින් දැනටමත් යහපත් ප්‍රතිචාර ලැබී ඇති අතර තවත් රටවල් කිහිපයක් ඊට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවද දැනගන්නට ඇත.










