පොහොර අර්බූදය හේතුවෙන් අද දිනයේදී තලවකැලේ වතු ජනතාවට වීදිවලට පැමිණ උද්ඝෝෂණ කරන ආකාරයක් දැකගත හැකි විය.
එහිදී ඔවුන් කියා සිටියේ පොහොර නොමැතිවීම හේතුවෙන් තේ අස්වැන්න පහත වැටී ඇති බවකි.
එමෙන්ම ජීවන වියදමද ඉහළ ගොස් තිබීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවද ඔවුහු කීහ.










