ආණ්ඩුවට එරෙහි සමගි ජන බලවේගය සංවිධානය කරන විරෝධතාවක් කොළඹදී අද (30 ) පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් මෙම විරෝධතාවය පවත්වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ [ 29 ] පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ගෙන කටයුතු කරන අතර රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිව යන මොහොතක ඒ වෙනුවෙන් සටන් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව ද හෙතම පෙන්වා දුන්නේය.










