• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කපුකම කළේ ගාමිණී දිසානායක! ජේ.ආර්. එක්ක කරපු රහස් සාකච්ඡාවක් ඇල්ලේ හිමි පළමු වරට හෙළිකරයි! Sri Lanka Latest News

March 28, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
කපුකම කළේ ගාමිණී දිසානායක! ජේ.ආර්. එක්ක කරපු රහස් සාකච්ඡාවක් ඇල්ලේ හිමි පළමු වරට හෙළිකරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් දේශපාලන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තමන් වහන්සේ තුළ යම් කලකිරීමක් හටගෙන ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින්වහන්සේ පවසනවා.
දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 84 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පසුගිය 21 වැනිදා පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට ගාමිණි දිසානායක පිළිරුව අබියස පැවැති උත්සවය අමතමින් උන්වහන්සේ සඳහන් කළේ වෛරය ක්‍රෝධය පතුරුවන ප්‍රකාශ සිදුකරමින් මහානායක ස්වාමින්වහන්සේලා පවා විවේචනය කරන තත්ත්වයක් රට තුළ මේ වනවිට උද්ගතව ඇති බවයි. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින්වහන්සේ එහිදී සිදුකළ ප්‍රකාශය පහත දැක්වේ.

‘මේ දේශපාලන ක්ෂේත්‍රය ගැන මම ටිකක් කලකිරිලා ඉන්නේ. උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා අහන්න තියෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය පතුරවලා මිනිස්සුන්ගේ චරිත ඝාතනය වෙනවා. අහිංසක මිනිස්සු රාශියකගේ චරිත ඝාතනය කරනවා, අපටත් ගහනවා. මහානායක ස්වාමින් වහන්සේලාවත් විවේචනය කරනවා, කාදිනල්තුමාවත් විවේචනය කරනවා. කවුද මේ?

මතක තියාගන්න අවුරුදු 2500ක් තිස්සේ මේ රටට හෙවණ දුන්නේ මේ අරහත් ධජය, මේ බුද්ධ චීවරය. විවිධ තොරතුරු අපට එනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එනවා කියනවා. ඊයේ කට්ටියක් ඇවිල්ලා මට කිව්වා ඒකෙ මේ නවවැනි වගන්තිය වෙනස් කරන්න යනවා කියලා. නෑ, ඒවා නම් කිසි දෙයක් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ. ඒ ගැන හිතන්නවත් ඉඩ දෙන්නේ නෑ අපි.

ඒ නිසා ශ්‍රී ලංකාව ඒකීය රටක් කියලා ඇතුළත් කරගන්න මම මුල් වෙනකොට මාව එක්ක ගියේ ගාමිණී දිසානායක මැතිතුමා. මට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එක්ක පොඩි ප්‍රශ්න වගයක් තිබුණා, ඇත්ත කියන්න එපැයි. නමුත් එතුමා මට හුඟක් සැලකුවා පස්සේ. මම ජනාධිපති මන්දිරයට යන්න නෙවෙයි හිටියේ. නමුත් හිටපු පොලිස්පති ආනන්ද සෙනෙවිරත්න මහත්තයත් ගාමිණී දිසානායක මහත්තයත් පන්සලට ඇවිල්ලා කිව්වා අපි දෙන්නා හින්දා යමු කියලා.

ඒ ගිය වෙලාවේ රටේ කෝලාහලයක් තිබුණා, 83 ජූලි කෝලාහලය. මට කිව්වා කතාවක් කරන්න කියලා සාමකාමී වෙන්න කියලා රටට. මං කිව්වා ඉතින් මට අයිතියක් නෑ ඒක කරන්න, ඔබතුමා කරන්න ඔබතුමා ජනාධිපතිනේ කියලා. ඒපාර ටිකක් කතා කරලා අපි පොඩි තර්ක විතර්ක වගයක් ගියා. ගිහිල්ලා මගෙන් ඇහුවා මේ කෝලාහලය එහෙනම් නැති වෙන්න මොකක්ද කළ යුත්තේ කියලා.

මං කිව්වා සිංහල මිනිස්සුන්ට, මේ රටේ දෙමළ බහුතරයක් ජනතාවට, මුස්ලිම් සහෝදර ජනතාවට සැකයක් තියෙනවා රට බෙදෙයි කියලා. ඒකයි මේ කෝලාහලය. ඒ නිසා මේ රට බෙදෙන්නේ නෑ කියන විශ්වාසය රටේ ජනතාවට දෙන්න කියලා. ඊට පස්සේ ලලිත් ඇතුළත්මුදලි මැතිතුමාවත් එතැනට කැඳවලා ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් කියන එක ව්‍යවස්ථාවට ඇතුළත් කරගන්න පුළුවන් වුණේ එදා. ඒ සාකච්ඡාවට. අදත් පින් දෙන්න ඕනෑ මාව රැගෙන ගිය මේ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී නායකයාට. අපි එහෙම යටිනුත් වැඩ කළා, සැලසුම් තිබුණා. ඒ නිසා ඔහු මේ රටට ණය නැති නායකයෙක්, මේ ජාතියට ණය නැති නායකයෙක්. අසීමිත ගෞරවයක් සම්බුද්ධ ශාසනයට, සිවුරට තිබුණු නායකයෙක්. ඒ නිසා එතුමා පරපුරෙන් පරපුරට ගරුකළ යුතු, සැලකිය යුතු, පින් දියයුතු චරිතයක්.’

SendShareShare
Previous Post

ට්‍රම්ප්ගේ යෝජනා කුණු බක්කියට! ඉරානයෙන් කොන්දේසි 5ක්! Sri Lanka Latest News

Next Post

කාන්තාවන් එක මිටට කමේනිට! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.