විදුලිබල මණ්ඩල පනත වහාම අහෝසි කරන ලෙසත්, දැනට වැඩ තහනමට ලක්ව සිටින සේවකයින් වහාම නැවත සේවයේ පිහිටුවන ලෙසත් හා වෘත්තීය සමිති මර්ධනය වහාම නතර කරන ලෙසත් ඉල්ලා රටපුරා උද්ඝෝෂණ පැවැත්විමට කටයුතු යොදා ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කරයි. (Sri Lanka Latest News)
මෙම උද්ඝෝෂණයන් ලබන 07 වන දින දහවල් 12.00ට විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයන් ඉදිරිපිටදී පැවැත්විමට කටයුතු යොදා ඇතැයි හෙතෙම පැවසුවේය.
විදුලිබල මණ්ඩලයේ සේවකයින් පවත්වන උද්ඝෝෂණයට තැපැල්, බැංකු, රක්ෂණය, වරාය, දුම්රිය, ටෙලිකොම්, ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයින් සහභාගි වන බවද පැවසේ.
මෙම උද්ඝෝෂණය පැවැත්වීමේදී මහජන සේවයට කිසිදු බාධාවක් ඇති නොවන ඇති බවටද ඔවුුහු සහතික වෙති.
lankasara










