ඉන්ධන නොමැතිකම හේතුවෙන් සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර වල විදුලි ජනනය ඊයේ පස්වරුවේ සිට නතර කර තිබීම හේතුවෙන් දිනකට පැය එකහමාරක පමණ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති!
සපුගස්කන්ද බලාගාරය දැවි තෙල් භාවිතයෙන් සහ කැළණිතිස්ස බලාගාරය ඩීසල් භාවිතයෙන් විදුලිය ජනනය කරයි.
මෙම බලාගාර දෙක ක්‍රියා විරහිත වීම නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් සීයකට වැඩි ධාරිතාවක් අහිමි වී ඇත.
මෙම ප්‍රමාණය අඩුවීම හේතුවෙන් දෛනික විදුලි සැපයුම් නිසි ලෙස ලබාදීමට නොහැකි වී තිබෙන අතර වරින් වර ඇතැම් ප්‍රදේශ වල විදුලි කප්පාදු සිදුවීමට හැකි බව විදුලිබල මණ්ඩල සේවකයන් කියා සිටිති.
කෙසේ වෙතත් කෙල් සංස්ථාව නැවතත් තෙල් තොග ලබා දීමට එකඟතාවය පළ වී ඇති අතර ඒවා ලැබුණු වහාම මෙම බලාගාර යළි පණ ගැන්වීමට විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වෙයි.










