• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිස් බඩ පළතුරු කෑමෙන් පිළිකා හොඳ වෙනවා! කාලා ඉවර වෙලා කූල් වතුර බිව්වාම පිළිකා හැදෙනවා! වෛද්‍ය ‘ස්ටීවන් මැක්’ කියන මේ කතාව ඇත්තද? I Sri Lanka Latest News

September 27, 2023
in Exclusive
Reading Time: 17 mins read
A A
හිස් බඩ පළතුරු කෑමෙන් පිළිකා හොඳ වෙනවා! කාලා ඉවර වෙලා කූල් වතුර බිව්වාම පිළිකා හැදෙනවා! වෛද්‍ය ‘ස්ටීවන් මැක්’ කියන මේ කතාව ඇත්තද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිළිකා ප්‍රතිකාර ක්‍රම යනුවෙන් ජාත්‍යන්තරයේ මෙන්ම මෙරටද, බොහෝ පිළියම් පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනු අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. වෛද්‍යවරුන් නියම කොට ඇති ප්‍රතිකාරවලට යොමු නොවී, සායනිකව තහවුරු නොකරන ලද මෙවැනි සටහන්වල දක්වා ඇති ප්‍රතිකාර විධි යනුවෙන් සඳහන් දේවල් වෙත යොමු වීමෙන් ජීවිතවලින් වන්දි ගෙවීම පවා සිදු විය හැකි. එසේම තවත් සමහරු විසින් මේ ආකාරයේ සටහන් හුවමාරු කරගන්නේ ඒවායේ සඳහන් කරුණු මඟින් අයහපතක් නොවන බැවින් හුවමාරු කර ගැනීමේ වරදක් නොමැති බව සඳහන් කරමින්.Sri Lanka Latest News

හිස්බඩ පළතුරු කෑමෙන් පිළිකා සුව වන බවටත්, සිසිල් ජලය පානය කිරීමෙන් පිළිකා සෑදෙන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් මේ. 

සමාජ මාධ්‍ය සටහන් :

“හිස්බඩ පලතුරු අනුභව කිරීම 

කොව්ඩ් නිසා ශරීර සෞඛ්‍ය ගැන වගේම ප්‍රතිශක්තිකරණය ගැනත් අපේ අවධානය වැඩිපුර යොමු වෙලා තියෙන අවස්තාවේ ,අපි අදහස් කළා  ඔබ ආහාරයට පසුව ගන්නා පලතුරු ගැන  සටහනක් තියන්න. 

ඇත්තටම පලතුරු ආහාරයට ගතයුත්තේ කොහොමද කොයි වෙලාවෙද . ඇත්තටම  පලතුරු ගත යුත්තේ ආහාර ගැනීමට පෙරයි.ඉතින් කියවලාම බලන්නකෝ ,,,

 හිස් බඩ පලතුරු අනුභව කිරීමම 

 ඔබේ ඇස් විවෘත කරනු ඇත!  ලිපිය අවසානය දක්වා කියවලා ම තේරුම් ගන්නකෝ

 බටහිර වෛද්‍යවරයෙකු වන  ස්ටීවන් මාක් මාරාන්තික පිළිකා රෝගීන්ට “ඕතඩොක්ස්” ක්‍රමයක් මගින් ප්‍රතිකාර කරන අතර බොහෝ රෝගීන් සුවය ලබා ඇත.

 ඔහු සිය රෝගීන්ගේ රෝගාබාධ ඉවත් කිරීමට සූර්ය ශක්තිය භාවිතා කිරීමට පෙර, රෝගාබාධවලට එරෙහිව ශරීරයේ ස්වාභාවික සුවය ගැන විශ්වාස කරයි.  

 එය පිළිකා සුව කිරීමේ එක් උපාය මාර්ගයකි.

 ප්‍රමාද වන විට, පිළිකා සුව කිරීමේ මගේ සාර්ථකත්ව අනුපාතය 80% ක් පමණ වේ.

 පිළිකා රෝගීන් මිය නොයා යුතුය.  පිළිකා සඳහා ප්‍රතිකාරය දැනටමත් සොයාගෙන ඇත – එය අප පලතුරු අනුභව කරන ආකාරයයි.

 එය ඔබ විශ්වාස කළත් නැතත්.

 “සාම්ප්‍රදායික ප්‍රතිකාර යටතේ මිය යන පිළිකා රෝගීන් සිය ගණනක් ගැන මට කණගාටුයි.” වෛද්‍යවරයා පැවසීය .

 පලතුරු අනුභව කිරීම

 අපි හැමෝම හිතන්නේ පලතුරු අනුභව කිරීම යනු පලතුරු මිලදී ගැනීම, කැපීම සහ එය අපගේ කටට දැමීම පමණයි.

 එය ඔබ සිතන තරම් පහසු නැත.  පලතුරු අනුභව කරන්නේ කෙසේද සහ කවදාද යන්න දැනගැනීම වැදගත්ය.

 පලතුරු අනුභව කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?

 ●●ඔබේ ආහාර අනුභවයට ප්‍රථම පළතුරු අනුභව කලයුතු අතර ආහාරයෙන් පසු පලතුරු අනුභව නොකල යුතුය!

 ●●පලතුරු ආහාරයට ගත යුත්තේ අනිත් සියලුම ආහාර අනුභවයට ප්‍රථම වියයුතුය.

 ඔබ හිස් බඩ මත පලතුරු අනුභව කරන්නේ නම්, එය ඔබේ පද්ධතිය ඩෙටොක්සයිෆ් කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත, බර අඩු කර ගැනීම සහ අනෙකුත් ජීවිත ක්‍රියාකාරකම් සඳහා ඔබට විශාල ශක්තියක් සපයයි.” 

https://www.awesomescreenshot.com/image/29157149?key=6d2bef29d9b4acb63b0175286cab50ce

එමෙන්ම මෙම සටහන්වල වැඩි දුරටත් දක්වා තිබුණේ, ආහාර වේලකට පසු සිසිල් ජලය හෝ බීම පානය කිරීම පිළිකා වලට හේතු වන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link 

හිස් බඩ මත පළතුරු අනුභව කිරීම සැබවින්ම පිළිකා ප්‍රතිකාරයක් ද යන්න පිළිබඳව සහ ආහාර වේලකට පසු සිසිල් ජලය හෝ බීම පානය කිරීම පිළිකා වලට හේතු විය හැකිද, යන්න පිළිබඳව අප විමර්ශනය කිරීමට පියවර ගනු ලැබීය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම සටහනේ දැක්වෙන පරිදි බටහිර වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ස්ටීවන් මැක් විසින්, කුමන වර්ගයේ පිළිකා ප්‍රතිකාර අවස්ථාවක් ද යන්න සඳහන් කර නොතිබුණ අතර මේ පිළිබඳව තොරතුරු පරීක්ෂා කිරීම සඳහා අප අන්තර්ජාලය හරහා එම වෛද්‍යවරයා සඳහන් කළ හිස්බඩ පළතුරු ලබා ගැනීම පිළිබඳ ප්‍රතිකාර අවස්ථාව සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබුවා.

නමුත් අපට එවැනි වෛද්‍යවරයෙකු පිළිබඳ තොරතුරක් ඉහත ප්‍රතිකාරය සම්බන්ධයෙන් හෝ එම වෛද්‍යවරයා සඳහන් කළ ලිපියක් හෝ පුවත් වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

පිළිකා පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරවින්ද දිසානායක

අප මේ පිළිබඳව පිළිකා පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, වෛද්‍ය අරවින්ද දිසානායක මහතාගෙන් විමසීමක් කරනු ලැබීය, ඔහු සඳහන් කළේ, පළතුරු හිස්බඩ ආහාරයට ගැනීමෙන් පිළිකා සුව වන බවට, විද්‍යාත්මකව ඔප්පු කළ අධ්‍යයනයන් නොමැති බවයි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ

එමෙන්ම, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය මේ පිළිබඳව සඳහන් කළේ, පළතුරු මෙන්ම එළවළු ශරීරයට අහිතකර නොමැති හෙයින් ඒවා හිස්බඩ ආහාරයට ගැනීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

පළතුරු, එළවළු ආහාරයට ගැනීම, පිළිකා වර්ග මෙන්ම, දියවැඩියාව, අධික රුධිරපීඩනය, අධික ස්ථුලතාවය වැනි රෝග වළක්වා ගැනීමට හේතු වන නමුත් පිළිකාවට ප්‍රතිකාරයක් ලෙස හැඳින්විය නොහැකි බව තහවුරු කර සිටියා.

පිළිකා වලට ප්‍රතිකාර ක්‍රම බොහෝමයක් ඇති අතර බටහිර විද්‍යාවේ ප්‍රතිකාර ලෙස, ඖෂධ ලබා ගැනීම, සැත්කම් කර පිළිකා ඉවත් කිරීම්, විකිරණ ප්‍රතිකාර වැනි දෑ ඇති අතර කුමන ප්‍රතිකර්මයකට යොමු විය යුතු ද යන්න අදාළ වෛද්‍යවරුන් තීරණය කරන අතර එම ප්‍රතිකාර වෛද්‍යවරුන් නොවන අයට ප්‍රතිකාර ක්‍රම ලෙස උපදෙස් ලබා දිය නොහැකි බවයි සඳහන් කළේ.

පිළිකා වැනි තත්ත්වයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි සටහන්වල දැක්වෙන උපදෙස් අනුගමනය නොකර ප්‍රතිකාර අවස්ථා සඳහා පිළිකා සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා එම ප්‍රතිකාරවලට ඉක්මනින්ම යොමු වීම කළ යුතු බවයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය තවදුරටත් අවධාරණය කළේ.

එමෙන්ම පළතුරු පිළිකා සුව කිරීමේ ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබූ ඇතැම් සටහන්වල දක්වා තිබුණේ, ආහාර වේලකට පසු සිසිල් ජලය හෝ බීම පානය කිරීම පිළිකා වලට හේතු විය හැකි බව සම්බන්ධයෙන් ද, අප ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මියන් විමසා සිටි අතර ඇය පවසා සිටියේ. එම තොරතුරු ද අසත්‍ය බවත්, මෙතෙක් එවැනි තොරතුරක් සායනිකව අත්හදා බැලූ තොරතුරු නොමැති බවයි.

ඕස්ට්‍රේලියාවේ පිළිකා කවුන්සිලය

ඕස්ට්‍රේලියාවේ පිළිකා කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය Sanchia Aranda, 2019 අගෝස්තු 7 වන දින AFP පුවත් ඒජන්සිය වෙත පවසා තිබුණේ, සීතල ජලය පානය කිරීම පිළිකාවක් වර්ධනය වීමට හේතු වන බවට ප්‍රකාශ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, සිසිල් බීම පානය කරන විට, දියර ඉක්මනින් ශරීර උෂ්ණත්වයට උණුසුම් වන අතර ශරීරය ආහාර ජීර්ණය කරන ආකාරය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොකරන බවයි. එම වාර්තාව මෙතනින්.

අමෙරිකානු පිළිකා සංගමය

එමෙන්ම අමරිකානු පිළිකා සංගමයේ ප්‍රකාශකයෙකු ද සඳහන් කර ඇත්තේ, මෙතෙක් සීතල ජලය පානය කිරීම පිළිකාවක් වර්ධනය වීමට හේතු වන බවට සාක්ෂි හමු වී නොමැති බවයි. එම වාර්තාව මෙතනින්.

ප්‍රංශයේ වසංගත රෝග හා ජනගහන සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ

ප්‍රංශ පර්යේෂණ ආයතනයක් වන Inserm හි වසංගත රෝග හා ජනගහන සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ පැරිස් Saclay විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය මහාචාර්ය Bruno Falissard පවසා ඇත්තේ ජලය ජීවිතයට අත්‍යවශ්‍ය නමුත් සත්‍ය වශයෙන්ම එයට රෝග සුව කිරීමට බලයක් නොමැති බවයි.

“ජලය උණුසුම්ද සීතලද යන්න ගැටළුවක් නොවන අතර එය සුවයක් නොවන අතර එය හානිකරද, නොවන බවත් ශරීරයට ‘අංශක 0 ත් 40’ ත් අතර ප්‍රමාණයක් ජලය දරාගත හැකි බවයි ඔහු AFP වෙත පවසා තිබුණේ. එම වාර්තාව මෙතනින්.

මේ පිළිබඳ ජාත්‍යන්තර කරුණු විමර්ශන කණ්ඩායම් සිදු කළ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, හිස් බඩ පළතුරු අනුභව කිරීම පිළිකා ප්‍රතිකාර ක්‍රමයන් බවට හා ආහාර වේලකට පසු සිසිල් ජලය හෝ බීම පානය කිරීම පිළිකා වලට හේතු විය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, පළතුරු ආහාරයට ගැනීම මගින් පිළිකා වර්ග මෙන්ම, දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික ස්ථුලතාවය වැනි රෝග වළක්වා ගැනීමට හේතු වන නමුත් පිළිකා වලට ප්‍රතිකාරයක් ලෙස හැඳින්විය නොහැකි බවයි. එමෙන්ම සීතල ජලය පානය කිරීම පිළිකාවක් වර්ධනය වීමට හේතු වන බවට සායනික පරීක්ෂණ වලින් තහවුරු වී නොමැති බවයි.

.factcrescendo

SendShareShare
Previous Post

ඉරාකයේ මගුල් ගෙයක ගින්නක්! මනාල ජෝඩුවත් එක්කම 100කට වඩා මරුට! තවත් 150කට තුවාල! I Sri Lanka Latest News

Next Post

ගණේමුල්ලේ සංජීවත් වමාරන්න අරන්! කල්ලියේ කුලී මිනීමරුවන් 23ක්ම ඉන්නේ ඩුබායිවලලු! Sri Lanka Latest News

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...

Read more
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.