වියළි කාලගුණික තත්ත්වයත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන තුනක් දෛනිකව වාෂ්ප වන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය පවසයි. (Sri Lanka Latest News)
වික්ටෝරියා ජලාශය පිරී තිබෙන ජල පරිමාවෙන් මතුපිට පෘෂ්ඨයේ ඇති මිලී මීටර් දෙකක් පමණ ජලය වාෂ්ප වන බවත් මේ වනවිට එය දෙගුණයකටත් වඩා ඉහළ ප්‍රමාණයකින් වාෂ්ප වී යන බවත් හෙතෙම කීය.
මේ වනවිට වික්ටෝරියා ජලාශයේ ජලය ඉතිරිව ඇත්තේ වර්ග කිලෝ මීටර් 11ක ප්‍රමාණයක් පමණක් බවත් වර්ග කිලෝමීටර 13ක ජලය හිඳී ගොස් ඇති බවත් ප්‍රධාන ඉංජිනේරුවරයා කීවේය.
වික්ටෝරියා ජලාශය මුලුමනින්ම පිරිගිය විට වර්ග කිලෝමීටර 24ක වපසරියක් සහිතය.
lankasara










