ත්‍රිවිධ හමුදාව රට දැය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට සිදු කළ ඒ මෙහෙවර කිසිදු අවස්ථාවක අමතක නොකළ යුතු වුවත් මේ වන විට වත්මන් රජය යුද ජයග්‍රහණයට නායකත්වය සහ දායකත්වය ලබා දුන් රණවිරුවන් අමතක කරමින් ඉවක් බවක් නැතිව ත්‍රිවිධ හමුදාවේ සේවයේ නිරත වී සිටින සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කරමින් සිටින බවත් සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 40000ක පිරිසක් සොච්චම් මුදලක් ලබා දී ගෙදර යැවීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය රටේ ජාතික ආරක්ෂාවට වැදගත් කාර්යභාරයක් ඉටු කළත් ඔවුන් අඩු කරමින් ඔවුන්ගේ අනාගතය ගැන බලන්නේ සහ හිතන්නේ නැතිව ඔවුන් මහපාරට ඇද දමන ඉතාමත්ම අමනෝඥ යෝජනා ගණනාවක් බිහි වෙමින් පවතින බවත් බුදුරජාණන් වහන්සේ කෙළෙහි ගුණ දැක්වීම ගැන කියා තිබුණත් රජය ඒ සියල්ල අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (26) තන්තිරිමලේ රජමහා විහාරයේ කඨින පුණ්‍යෝත්සවයට එක්වෙමිනි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ අති උතුම් වු නිර්මල බුදුදහම තුළ ගැබ්වූ අවවාද, උපදෙස් සහ අනුශාසනා පිළිපැදීම අපේ ජීවන මඟට විශාල පිටුවහල් වන බවත් එවැනි උතුම් ප්‍රතිපත්ති සහ ක්‍රියාකලාපයන්, බුද්ධ ධර්මය තුළ ගැබ්වූ සාරධර්ම සහ ක්‍රියාපටිපාටි මෙවන් යුගයක අතිශයින්ම වැදගත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ රටේ පොදුජනතාව මේ වන විට ප්‍රශ්න ගැටලු රැසකට මුහුණ දෙමින් දැඩි ලෙස අසහනයට, පීඩනයට, කණගාටුවට පත්ව සිටින බවත් අප රට වැටී සිටින ආර්ථික සමාජීය දේශපාලන අගාධයෙන් නැවත නිවැරදි ආකාරයට ගොඩ ඒමට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය යෝග්‍ය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම දූෂණය වංචාව හොරකම තුළ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව දුකෙන් පෙළෙන බවත් කපුටෙකු මෙන් ගසාකෑමේ ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාත්මක වන බැවින් මේ රටේ සියලු දෙනාගේ යහ පැවැත්මට, යහජීවනයට, සහජීවනයට සහ සෞභාග්‍යයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය අනුගමනය කරමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිළිපදිමින් ඉදිරියට යන ගමනක් කිසිදු අවස්ථාවක අසාර්ථක නොවන බවත් යහපත් චේතනාවෙන් කරන හැම ක්‍රියාවක්ම අනිවාර්යෙන්ම සාර්ථක වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ එතුමාගේ ආදරණිය බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ බැතිබර දායකත්වයෙන් තන්තිරිමලේ රජමහා විහාරයේ වාර්ෂික කඨින පූණ්‍යෝත්සවය පැවැත්විණි. කඨින පුණ්‍යෝත්සවයට සමගාමීව අභිනව ද්වාර මණ්ඩපය සහ ලක්ෂ 70 ක පිරිවැයකින් නිර්මාණය කරන ලද වළාකුළු නිර්මිත සහිත ප්‍රාකාර බැම්ම සසුනට පූුජා කිරීම ද මෙහි දී විපක්ෂ නායකවරයාගෙන් සහභාගීත්වයෙන් සිදු විය.*

























