• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලැජ්ජා නහරෙට මොකද වුණේ? ‘දොන් ජුවන් ධර්මපාලයි’ ‘වීර කැප්පෙටිපොළයි’ පස්වන පටුමගේ රනිල්ගේ ගෙදරදී හම්බවෙලා! I Sri Lanka Latest News

May 31, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
විමල් ආණ්ඩුවට සහාය දෙන්න ලෑස්ති වෙයි! රනිල්ට ලියුමක් යවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

දේශපාලනය කරන්නන්ට කිසිදු ලැජ්ජාවක් නොමැති බවත්, ඔවුන්ගේ ලැජ්ජා නහරය කපා ඇති බවත් එදා සිටම මේ රට ඇතුළේ නිතරම කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඊට හේතුවී ඇත්තේ අද දිනයේ ‘අම්මාමෝ‘ නැතිව රටටම පෙනෙන්නට බැණඅඬගසාගන්නා පක්ෂ දෙකක දේශපාලකයන් ඊට පසු දින කරට අතදාගෙන එකම පක්ෂයක සිටින ආකාරය එදා සිටම අපේ ජනතාව හොඳහැටි දැක තිබෙන නිසාය. මැතිවරණයක් කිට්ටු වන විටදී ‘අරයා එහෙට පැන්නා, මෙයා මෙහෙට පැන්නා, අරයා මෙයා ගාවට ගියා, මෙයා අරයා ගාවට ගියා..‘ යනාදී කතා ඕනෑ තරම් ලංකාවේ දැකබලා ගැනීමටද පුළුවන. අප මේ කෙටි සටහන මුලින්ම තැබීමට කටයුතු කළේ මේ දිනවලද මේ ආකාරයේම ලැජ්ජා නහර කපාදැමූ දේශපාලකයකු සිදුකර ඇති කටයුත්තක් පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරයට තොරතුරු වාර්තා වීම නිසාය. Sri Lanka Latest News

කලක් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ විමල් වීරවංශගේ දේශපාලන දිවිය ආරම්භයේ සිටම ප්‍රධානතම දේශපාලන හතුරා බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව, රනිල් වික්‍රමසිංහය. දේශපාලන වේදිකාවේ රනිල්ට ප්‍රහාර එල්ල කරද්දී විමල් විවිධ වචන උපයෝගී කරගනිමින් පහළටම බැස රනිල්ට කුඩුවෙන්නම ගැසීය. වරෙක විමල් රනිල්ව හැඳින්වූයේ ‘වික්කම සිංහ’ යැයි කියාය. ඒ, රටේ ජාතික වත්කම් විකිණීමටම රනිල් සෑම මොහොතකදීම සැදීපැහැදී සිටීම නිසාය. තවත් වරෙක විමල්, රනිල්ට අධිරාජ්‍යවාදී ඉත්තෙකු, අධිරාජ්‍යවාදී ගැත්තෙකු යැයි කීවේය. යුද්ධ කාලයේදී විමල්, රනිල්ව හැඳින්වූයේ කොටියෙකු ලෙසටය. තවත් වරෙක රනිල්ට නෝර්වේකාරයෙක්, සී.අයි.ඒ.කාරයෙක් බව කියමින්ද විමල් බැණවැදුණේය. අන්තිමට විමල්, රනිල්ව සුද්දන්ගේ කාලේ රට පාවා දුන් දොන් ‘ජුවන් ධර්මපාල’ ලෙසද රනිල්ව හැඳින්වූයේය.

මේ ආකාරයට රනිල්ව ‘දොන් ජුවන් ධර්මපාල‘ කළ විමල්ව ඒ කාලයේ බොහෝ දෙනා හැඳින්වූයේ ‘වීර කැප්පෙටිපොළ‘ ලෙසය. නමුත් දේශපාලනය කරන විට ලැජ්ජා නහර කපා තිබිය යුතු බව යළිත් වතාවක් තහවුරු කරමින් පසුගිය සතියේදී මේ කියන ‘දොන් ජුවන් ධර්මපාල‘ සහ ‘වීර කැප්පෙටිපොළ‘ අතර හමුවක් කොළඹදී සිදුව තිබිණි. මෙම හමුව සිදුව තිබුණේ රනිල්ගේ පෞද්ගලික නිවස වන කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි නිවෙසේදීය. මෙහිදී සාකච්ඡාව සඳහා පසුබිම සැකසී තිබුණේ රනිල් විසින් විමල්ට ලබාදී තිබූ දුරකතන ඇමතුමක් හරහාය. රණවිරු සැමරුමට මල් කලඹක් තැබීමට ගිය අවස්ථාවේදී පැනනැගුණු උණුසුම් තත්ත්වය මුල් කරගනිමින් රනිල් විමල්ට දුරකතන ඇමතුමක් ලබාදී විමසා තිබුණේ ‘ඔයාට කරදරයක් වුණා කියලා ආරංචි වුණා. පොඩ්ඩක් එන්න මට ඔයාව හම්බවෙලා කතාකරන්න ඕනේ….’ යැයි කියාය. ඒ අනුව රනිල් කළ ආරාධනයට අනුව තමන් විසින්ම ‘දොන් ජුවන් ධර්මපාල‘ ලෙස හැඳින්වූ රනිල්ගේ නිවසට පසුගිය සතියේදී විමල් ගොසි තිබිණි. දෙදෙනා අතර මෙහිදී පැවැත්වී තිබුණේ ඉතා සුහද සාකච්ඡාවකි. මුලින්ම විමල් රණවිරු ස්මාරකය වෙත ගිය අවස්ථාවේදී සිදුවූ සිද්ධිය පිළිබඳ විමසා ඊට අදාළ නීති උපදෙස් කිහිපයක් ලබාදීමෙන් පසු රනිල් දේශපාලන කතාබහට පිවිසෙමින් වත්මන් ආණ්ඩුවට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විමල් සමග දීර්ඝ සාකච්ඡාවක් සිදුකිරීමට පියවර ගත්තේය. එහිදී ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කරන ආකාරය පිළිබඳවත්, ඊට විමල් සම්බන්ධ විය යුතු ආකාරය පිළිබඳවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය මෙහෙයවන සජිත්ව ඉන් ගලවන ආකාරය පිළිබඳවත්, ඒකාබද්ධ විපක්ෂයට ඇති එකම බාධකය වූ සජිත් සහ සජබය ඉවත් කරන ආකාරය පිළිබඳවත් මෙහිදී දෙදෙනා අතර දීර්ඝව සාකච්ඡා වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

කෙසේ වෙතත් සාකච්ඡාව අවසානයේදී කවදාවත් රනිල් නොකරන දෙයක්ද විමල් වෙනුවෙන් කර ඇති බවක්ද දැනගන්නට තිබේ. ඒ, විමල් සාකච්ඡාව අවසන් කොට පිටව යෑමට සැරසෙද්දී ඔහුත් සමග ඔහුගේ රථය දක්වා රනිල් කතාබහ කරමින් ඇවිදගෙන යෑමය. ඒ අනුව ඉදිරියේදී අපට බොහෝ දුරට ‘දොන් ජුවන් ධර්මපාල‘ සහ ‘වීර කැප්පෙටිපොළ‘ යන දෙදෙනාම එකම වේදිකාවේ අසුන්ගෙන සිටින දර්ශන දැකබලා ගත හැකි වාතාවරණයක් උදාවනු ඇත.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ටිල්වින්ගේ පළාත් සභා කතාවට ඉන්දියාවෙන් පණිවුඩයක් එවලා! I Sri Lanka Latest News

Next Post

රටක් වටින ග්‍රාම නිලධාරියෙක්! මුතුමල් ළමා සමාජයේ පුංචි දරුවොත් එකතු කරගෙන වෙසක් දවසේදී දීපු පුංචිම පුංචි දන්සල! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.