• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුදුන් වහන්සේ බෝ ගහ වෙනුවට කොස් හෝ පොල් ගහකට පිට දුන්නා නම් එම ගහෙන් වැඩක් නැති වෙයි කියා අපේ රටේ එක් සමාජවාදියෙක් කිව්වා! මේ වගේ කතා නිසා මුුුලු සමාජයම පිරිහෙනවා! රට දකුණු කොරියාවක් කරනවාද-උතුරු කොරියාවක් කරනවාද? තීරණය ජනතාව අතේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 13, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

බුදුරජාණන් වහන්සේ බෝ ගහ වෙනුවට කොස් හෝ පොල් ගහකට පිට දුන්නා නම් එම ගහෙන් වැඩක් නැති වෙයි කියා එක් සමාජවාදීයෙක් කියූ බවත් ඔවුන්ට ආගම් ගැන විශ්වාසයක් නොමැති වීම ඔවුන්ගේ කැමැත්ත වුවත් ඔවුන් ආගම් ඇදහීම සිදු නොකළත් අනෙකුත් ආගම්වලට ගැරහීමට අයිතියක් නොමැති බවත් කිසිදු ආගමකට අපහාස කිරීම සිදු කළ නොහැකි බවත් ආගම්වලට නිග්‍රහ කරන අයව ICCPR පනත යටතේ අත්අඩංගුවට ගන්නා බවත් එවන් තත්ත්වයක් තුළ ආගම් අදහන්නේ නොමැති අය ඉන්නවා නම් ඒ අයිතිය භුක්ති විදින ගමන් අන් අයගේ ආගම් ඇදහීමේ අයිතිය විවේචනය කිරීම සිදු කළ නොහැකි බවත් මේ ආකාරයේ කතාවන් නිසා සමාජයම පිරිහෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ආගම්වලට අපහාස කරන මේ අයට දහම්පාසල් පද්ධතිය, පන්සල් පද්ධතිය,ආගමික ස්ථාන සංවර්ධන කළ නොහැකි බවත් ඔවුන්ගේ අරමුණ බෝ ගස් ඉවත් කර ආගම් ඉවත් කර ආගම් ඇදහීම තහනම් කළ හැකි බවත් ආගම ඇදැහීම මුලික අයිතියක් බව අමතක නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 184 වැනි අදියර යටතේ මොනරාගල බිබිල මල්ලැහැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ අවස්ථාවේ දී පසුගිය දා එංගලන්තයේ පැවැති කාන්තා ක්‍රිකට් තරගාවලිය අතරතුර ලකුණු 45කට කඩුලු 5 ක් දවාගත් මොනරාගල පඤ්ඤානන්ද මහා විදයාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන චමෝදි ප්‍රබෝධා මුණසිංහ නම් 14 හැවිරිදි ශිෂ්‍යයා අගයමින් රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

රට දකුණු කොරියාවක් කරනවාද උතුරු කොරියාවක් කරනවාද..තීරණය ජනතාව අතේ

මේ වසර අවසානයේ එන මැතිවරණයෙන් පසු මේ රට දකුණු කොරියාවක් කරනවාද උතුරු කොරියාවක් කරනවාද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් මේ කතාවේ තේරුම ජනතාව බුද්ධිමත්ව තිරණය කළ යුතු බවත් ඒ තුළින් රටේ ගමන තීරණය කළ හැකි බවත් සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ සමාජ වෙළෙඳපොළ ආර්ථිකය, මැද මාවත, යුක්තිය, සාධාරණත්වය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වෙනත් රටවල උපාධියෙන් පසු හෙඩ් හන්ටින් සිදු වුවත් අප රටේ සිදුවන්නේ විභාග සමත්ව උපාධිය ලබා ගැනීමෙන් පසු මන්ත්‍රීවරුන් පසුපස ගොස් රැකියා ලබා ගැනීම බවත් සමගි ජන බලවේගය මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන බවත් ලොවටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි වෙනසක් ඇති කරන විට විජාතික බලවේග කියා රටම පාරට බැස්සවිය හැකි නමුත් මේ කිසිදු බලවේගයට මෙම වෙනස සිදු කිරීමට බාධා කිරීමට ඉඩ නොදෙන බවත් සම්පත් ලබා දී මානව සම්පතත් රැකගෙන අධ්‍යාපනයේ වෙනසක් සිදු කරන බවත් මේ වෙනසට විරුද්ධ වන්නේ අන්ත සමාජවාදීන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ දරුවන් ගුරුවරුන් දෙමාපියන් මහපාරට බස්සන අන්ත සමාජවාදීන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ජාත්‍යන්තර පාසල්වලට බවත් ඔවුන්ගේ මේ කුහකත්වය නිසා රජයේ පාසල්වල දරුවන්ට හිමි සම්පත් අහිමි වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 184ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2032ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

පාරට බැස්ස සරසවි අනධ්‍යයන සේවකයන්ට ‌දියත උයන ඉදිරිපිටදී පොලිසියෙන් ජල ප්‍රහාරයක්! I Sri Lanka Latest News

Next Post

හත් දෙනෙක් මරාදැමූ උණුසුම නිමයි! යාපනයට උතුරන්න වැසි ඇදවැටෙයි! Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.