යම් හෙයකින් යුක්රේනය ආක්‍රමණය කරමින් සිටින රුසියාව හට කුමන අයුරකින් හෝ ආධාර ලබා දීමට පියවර ගතහොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව අමෙරිකාව විසින් චීනයට දැනුම් දී ඇත.
ඒ අනුව අමෙරිකානු ජනාධිපති බයිඩන්ගේ ආරක්ෂක උපදේශකවරයකු චීනය වෙත දැනුම් දී ඇත්තේ රුසියාවට ආධාර ලබා දීමට පියවර ගතහොත් ආර්ථිකමය වශයෙන් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවකි.
දැනටමත් අමෙරිකාව රුසියාවට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පැනවීමට පියවර ගෙන තිබේ.










