මුදල් අමාත්‍යාංශයේ මහජන මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ එම්. චම්පා බාලසූරිය මහත්මිය හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත. (Sri Lanka Latest News)
ඇය ප්‍රේමසිරි බාලසූරිය මහතාගේ ආදරණීය බිරිඳ වන අතර, රාජිනි බාලසූරිය (25) සහ නිලසි බාලසූරිය (21) යන දරුවන්ගේ මව වේ.
1968 නොවැම්බර් 17 වැනි දින උපත ලද චම්පා බාලසූරිය මහත්මිය, පානදුර බාලිකා මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ කළමනාකරණ අධ්‍යයනය සහ වාණිජ්‍යය පිළිබඳ උපාධිධාරිනියකි.
ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ද ලබා ඇති අතර, වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරියක් ද වූවාය.
ගණකාධිකාරීවරියක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයට ඇය ලබාදී ඇති දායකත්වය අතිමහත්ය.
චම්පා බාලසූරිය මහත්මියගේ දේහය මේ වන විට අංක 277, වාද්දුව, මාවල දකුණ, නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු නොවැම්බර් 18 වැනිදා සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු පවසති.










