සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ල්මේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් සොය බැලීම සදහා පත් කළ විනය කමිටුව පිටු දහසකට අධික වාර්තාවක් සකස් කොට ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී විනය පරීක්ෂණය සදහා පස් වතාවක් ඩයනා ගමගේ මහත්මිය කැදවනු ලැබූවද ඒ පස් වතාවේම පිළිගත නොහැකි හේතු සදහන් කරමින් ඇය විනය කමිටුව ඉදිරියට ඒම ප්‍රතික්ෂේප කොට ඇති බවද දැනගන්නට ඇත.










