ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ විභාග වන නඩුව සඳහා ධනුෂ්ක සමගින් පැමිණි තරුණිය කවුරුන් ද යන්න බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා.Sri Lanka Latest News
මේ අතර, එම කාන්තාව වෙනත් කිසිවෙකුත් නොව, ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතිඥවරිය බව ට සඳහන් කරමින් පළ වූ සමාජ මාධ්‍ය සටහන්වල නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමක් කිරීමට අප පියවර ගත්තා.
සමාජ මාධ්‍ය සටහන් :
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පසු ගිය දා පැවති නඩු විභාග අවස්ථාවේදී ඔහු සමග අත්පටලවාගෙන පැමිණි තරුණිය ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරිය බව ට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link
මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුල ව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව විමසා බැලීම සඳහා අප කටයුතු කළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ජාත්‍යන්තර මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, මහත් අවධානයක් දිනා ගත් ධනුෂ්ක ගුණතිලක සමගින් දෑත් පටලා පැමිණි තරුණිය තරුණිය ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් ද, යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළේ, ධනුෂ්ක වෙනුවෙන් සත්‍ය වශයෙන් පෙනී සිටින නීතිඥවරයා කවුරුන් ද යන්නයි.
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන්, එනම් විත්ති පාර්ශවයේ ප්‍රධාන නීතීඥවරයා වන්නේ මුරුගන් තංගරාජ් වේ. ඒ බව ට ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ ද, වාර්තා කර තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතා ද, මීට පෙර අප මෙම සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසීමේදී තහුවරු කර සිටියා. එමෙන් ම මෙම නඩුවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේ ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් නමැති අධිචෝදකවරියයි.
The Australian පුවත් වෙබ් අඩවිය ඇතුළු ඕස්ට්‍රේලියානු වෙබ් අඩවි කිහිපයකම, ධනුෂ්ක සමඟ අත්පටලවාගෙන සිටින තරුණිය සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, එහි සිටින්නේ ධනුෂ්ක ගුණතිලකගේ වර්තමාන පෙම්වතිය විය හැකි බවයි.

The Australian | Archived Link
එමෙන් ම Sleuthing Together නම් ලොව පුරා සිදුවන වැඩියෙන් කතාබහට ලක්වෙන නඩු විභාග සම්බන්ධ තොරතුරු වාර්තා කරන ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබුණේ, ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිඥ කණ්ඩායමේ සිටින්නේ නීතිඥයින් (පිරිමි) පමණක් බවත්, ධනුෂ්ක සමඟ සිටින ඔහුගේ වර්තමාන පෙම්වතිය ලෙස හැඳින්වෙන කාන්තාව ඔහුට සහය දැක්වීමට නඩුවාර සඳහා සහභාගි වන බවත්, ඇය නීතිඥවරියක් හෝ නීතිය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු හෝ සිදුකළ අයෙක් හෝ නොවන බවයි.

ඒ අනුව ඉහත ඡායාරූපයේ පෙන්වා ඇති තරුණිය ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් නොවන බවට පැහැදිලි වෙයි.
ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය
2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර, තම රුචිකත්වයන් මත පුද්ගලයින් ඇසුරු කිරිමට හැකි ‘Tinder’ නැමති ‘Dating App’ ඇප් එක ඔස්සේ කාන්තාවක් සමඟ පණිවිඩ හුවමාරු කර ගෙන, ඊට දින තුනකට පමණ පසු අදාළ කාන්තාවට ලිංගික අතවර කළ බවට ධනුෂ්කට චෝදනා එල්ල වී තිබුණා. මෙම චෝදනා සම්බන්ධයෙන් දින කිහිපයක් විභාග වූ නඩුව, සැප්තැම්බර් මස 21 වනදා සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණයේදී අවසන් විය. එහි තීන්දුව මෙම මස 28 වෙනිදා ප්‍රකාශ කිරීමට නියමිත යි.
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින්, ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පසුගිය දා පැවති නඩු විභාග අවස්ථාවේදී, ඔහු සමග අත්පටලවා පැමිණි තරුණිය ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි. එහි සිටින්නේ නීති ක්ෂේත්රයකට සම්බන්ධ නොමැති ධනුෂ්ක ගුණතිලකගේ වර්තමාන පෙම්වතිය ලෙස සැලකෙන කාන්තාවක්. ඔහු වෙනුවෙන් සත්‍ය වශයෙන් පෙනී සිටින නීතීඥවරයා වන්නේ මුරුගන් තංගරාජ් වේ.
factcrescendo










