• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධම්මික පාස්පෝට් කන්තෝරුව ඇතුළෙ වැඩ පටන්ගනී! සඳුදා ඉඳන් පෝලිම් අඩු කරන්න වැඩසටහනක් හදයි!

June 29, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
ධම්මික පාස්පෝට් කන්තෝරුව ඇතුළෙ වැඩ පටන්ගනී! සඳුදා ඉඳන් පෝලිම් අඩු කරන්න වැඩසටහනක් හදයි!
Share on WhatsAppShare on Facebook

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පවතින තදබදය අවම කිරීම කෙරෙහි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ අවධානය යොමුව ඇත.

  1. විදෙස් රැකියා සඳහා යන අයට පාස්පෝට් කඩිනමින් දෙන්න වෙනම කවුන්ටරයක්

විදෙස් රැකියා සඳහා යාමට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරගෙන ඇති පුද්ගලයින් සඳහා කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට ධම්මික පෙරේරා මහතා කටයුතු කර තිබේ.

බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ප්‍රධාන කාර්යාලයේ මෙම විශේෂ කවුන්ටරය ස්ථාපිත කර ඇත.

ඒ අනුව අදාළ ලේඛන සහිත අයට සාමාන්‍ය පෝලිමෙහි නොසිට මෙම විශේෂ කවුන්ටරයට ගොස් ඉක්මනින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බවයි අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.

  1. සඳුදා සිට එක්දින පාස්පෝට් සේවාව තවත් දිස්ත්‍රික්ක තුනකදී

ලබන සඳුදා (04) සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව තවත් දිස්ත්‍රික්ක තුනකදී ලබාගැනීමට හැකි බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

ඒ අනුව මාතර, මහනුවර සහ වව්නියාව යන නගරවල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලවලින් ලබන සඳුදා සිට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

  1. පාස්පෝට් ඡායාරූප ගැටලුවට ඇමති ධම්මිකගේ පුද්ගලික මුදලින් විසඳුමක්

විදෙස් ගමන් බලපත්‍ර සඳහා අනුමත ඡායාරූප ශාලාවලින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ඡායාරූප උඩුගත කිරීමේදී යම් ගැටලුසහගත තත්වයක් පසුගිය සමයේ උද්ගත වී තිබිණි.

ඒ, උදෑසන 10.00 – දහවල් 01.00 අතර කාලසීමාවේදී විශාල වශයෙන් ඡායාරූප එවීම නිසා දත්ත පද්ධතිය කාර්යබහුල වීම හේතුවෙන් සර්වරය ප්‍රමාණවත් නොවීමෙන් ඇතිවූ ගැටලුවයි.

අද (29) පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සොයාබැලීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා එහි ගොස් තිබුණු අතර, එහිදී මෙම ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමුකර විසඳුමක් ලබාදී තිබිණි.

ඒ අනුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම තාක්ෂණික ගැටලුවට දිගුකාලීන විසඳුමක් සොයාගන්නා තෙක් ධම්මික පෙරේරා මහතා සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 9ක් වැයකර මෙම ඡායාරූප උඩුගත කිරීම සඳහා සර්වරයක් එම දෙපාර්තමේන්තුව කුලියට රැගෙන දී තිබේ.

  1. ශ්‍රී ලංකාවට එන සංචාරකයන් ප්‍රමාණය දිනපතා නිවේදනය කරයි.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි බලාපොරොත්තු සහගතව පසුවන හෙයින් ඔවුන්ට ඒ පිළිබඳ දිනපතා තොරතුරු ලබාදීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන සඳුදා (04) දිනයේ සිට ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දිනපතා ප්‍රකාශ කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

ලබන සඳුදා සිට සෑම දිනකම උදෑසන 09.00 ට මෙසේ ඊට පෙර දිනයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කිරීමට නියමිතය.

  1. ස්වර්ණමය පාරාදීසය වීසා වැඩසටහනේ ප්‍රමාදයට ඉක්මනින් පිළියම්

ධම්මික පෙරේරා මහතා අමාත්‍ය ධුරයට පත්වීමට පෙරදී රජයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරෙන, ස්වර්ණමය පාරාදීසය, වීසා වැඩසටහන ඔස්සේ මෙරටට විදේශ විනිමය ගෙන්වා ගැනීම තවමත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ, එම මුදල් තැන්පතු භාරගැනීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් වාණිජ බැංකුවලට තවමත් අනුමැතිය ලබා නොදීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් මහබැංකු නිලධාරීන් සමග සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබාදීමට ක්‍රියාකරන බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.

  1. විවාහකයන්ට ලැබෙන වීසා කාලය වසරේ සිට වසර පහ දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලාංකිකයන් සමග විවාහ වූ විදේශිකයන්ට මෙරටදී මෙතෙක් ලැබුණු වසරක වීසා කාලය වසර 05 දක්වා දීර්ඝ කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සඳුදා (04) සිට Spouse Visa සම්බන්ධයෙන් මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

SendShareShare
Previous Post

තෙල් ඉල්ලා ජනතාව ජනාධිපති මන්දිරය වටලයි! හොරු ආරක්ෂා කරන බව කියමින් පොලිසියටත් විරෝධයක් එයි! (VIDEO)

Next Post

මෙන්න සංරක්ෂණය වෙලා තියෙන තවත් නියම වීඩියෝ එකක්! රට භාරගන්න එන වීරයා ආවෙ නැත්නම් අපිත් ඉවරයි, රටත් ඉවරයි! මේ යමපාලනය ඉවර වෙන්න ඕනෙ! සජිත් කියන ඒවා වැඩක් නෑ! එයාට තේරුමක් නෑ! ගෝඨාභය දිනනවා! එතකොට රටත් දිනනවා! මෙන්න අපේ රටේ මිනිස්සු දුර බලලා ඡන්දෙ පාවිච්චි කරපු හැටි! හරි වටින වීඩියෝ එකක්! (VIDEO)

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.