රත්නපුර කිරිඇල්ල පොලිසිය ඉදිරිපිට දී ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටීමෙන් පසුගිය සෙනසුරාදා (29) සිදු වු අනතුරකින් විවාහක යුවළක අවාසනාවන්ත ලෙස ජීවිතක්යට පත්වුණා. (Sri Lanka Latest News)
මෙම අනතුරෙන් මියගියේ රූපවාහිනි සංස්ථාවේ පරිපාලන සේවකයෙකු ලෙස කටයුතු කළ ආසිරි විජේසුන්දර මහතා සහ ඔහුගේ බිරිය වූ රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරයේ සේවය කළ නිමාලි බණ්ඩාර මහත්මියයි.
රත්නපුර – පානදුර මාර්ගයේ කිරිඇල්ල පොලිසිය ඉදිරිපිට ජීප් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර, එය වාහනයක් පසුකර යාමට උත්සහ දැරිමේ දී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී පසුව යතුරු පැදියේ ද ගැටී තිබෙයි.
යතුරු පැදියේ ගමන් කරමින් සිටි දෙදෙනාම බරපතල තුවාල ලැබු අතර, රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මුලින් ආසිරි මහතාත් පසුව නිමාලි මහත්මියත් මියගිය බව වාර්තා විය.
ජාතික රූපවාහිනි සංස්ථාවේ පරිපාලන අංශයේ සේවයේ නියුතුව සිටි 34 හැවිරිදි ආසිරි විජේසුන්දර මහතා කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියේය.
සිද්ධිය වූ දිනයේ ඔහු රත්නපුර රෝහලේ හෙදියක ලෙස රාජකාරී කළ සිය බිරිද රෝහලේ සිට නිවස කරා රැගෙන එමින් සිටි බව කියැවිණි.
ජීප් රථය පදවා ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුද අනතුර නිසා සුළු තුවාල ලැබුවේය. පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනිමෙන් පසු පොලිස් ආරක්ෂාව යටතේ රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.
මෙම අනතුර සම්බන්ධයෙන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මියගිය යතුරුපැදිකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
gossiplankanews