විදුලිබල මණ්ඩලය මේ වන විට විශාල පාඩුවක් දරන අතර එය දරාගැනීමට හැකියාවක් නොමැති බැවින් ඉදිරි දින දෙක තුන තුළ විදුලි ගාස්තු වැඩිවන ආකාරය පිළිබඳව තීරණයක් ගන්නා බව සභාපති ජනක රත්නායක සඳහන් කරයි.
විදුලි ඒකක 30 ත් 60 ත් අතර පාවිච්චි කරන අඩුආදායම්ලාභී පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුව විශාල ලෙස වැඩි නොකර ඒ සඳහා රජයෙන් සහනාධාර ලබාගනිමින් සෙසු පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු ඉහළ දමන බව ඔහු කියනවා.
ඉදිරි දිනවලදී පෙරවරු 7.00 සිට මධ්‍යහන 12.00 දක්වා විදුලිය කප්පාදු නොකරන බවත් මධ්‍යහන 12.00 න් පසුව රාත්‍රී 10.30 දක්වා පැය දෙකහමාරක විදුලි කප්පාදු කරන බවත් ජනක රත්නායක මහතා සඳහන් කරනවා.
විදේශ විනිමය උපයන සියලුම ආයතන ඩොලර්වලින් තම විදුලි බිල ගෙවිය යුතු යැයි තමන් යෝජනා කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.
විදේශ විනිමය ප්‍රශ්නය විසඳාගැනීම සඳහා තමන් එම යෝජනාව කරන බවයි ඔහු කියන්නේ.










