මහනුවර පොලිස් බල ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරු දෙකක් හමුවී ඇති බව පොලිසිය කියයි . (Sri Lanka Latest News)
මහනුවර වැව රවුමේ සංඝරාජ මාවතේ සුවිස් හෝටලය ඉදිරිපිට වැවේ තරුණ කාන්තාවකගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බව පොලිසිය පවසන අතර එහි අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නැතැයිද කියයි.
පේරාදෙණිය පාරේ ප්‍රිම්රෝස් උද්‍යානය පහළ කොටසේ අතුරු පාරක මියගොස් සිටින තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද ඇති බව පවසන පොලිසිය එම මළ සිරුරේ අනන්‍යතාවයද මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය කියයි .
lankadeepa










