කොරෝනා තුන්වැනි රැල්ලේ අවසානය පෙනෙන මානයට පැමිණ ඇති බවත්,රට විවෘත කිරීම සඳහා හඳුන්වාදීමට බලාපොරොත්තු වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කෙරෙමින් පවතින බවත් කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
රටෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 1300 සීමාවට ළඟා වී ඇතැයි පැවසූ හම්දානි මහතා කොවිඩ් මරණ සංඛ්‍යාවද සියයට හතළිහ දක්වා අඩුවී ඇතැයිද පැවැසුවේය.
මේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට බලපෑ ප්‍රධාන හේතු සාධකය එන්නත්කරණය බවත් රටේ එන්නත්කරණය ලෝකයේ වෙනත් රටවල් අභිබවා යමින් ඉතා වේගවත් ආකාරයකට සිදුකෙරෙමින් පවතින බවත් තාක්ෂණ සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
කොරෝනා වසංගතය හමුවේ බොහෝ ජනතාව සිය සමාජ වගකීම මනා ලෙස ඉටු කිරීම කොරෝනා පැතිරීම පාලනයට බලපෑ අනෙක් ප්‍රධාන හේතුව බව පැවසු අන්වර් හම්දානි මහතා එසේ සමාජ වගකීම ඉටු කළ ජනතාවට තමා ප්‍රශංසාව පුද කරන බවද පැවසුවේය.










