ජනප්‍රිය ගායක දෙපලක් වන නුවන් ගුණවර්ධන මහතාටත්, ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධනටත් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
නව පරපුරේ ගායන ශිල්පියකු හා රංගන ශිල්පියකු ද වන ගයාන් ගුණවර්ධන සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ තමාට, තම පියා වන නුවන් ගුණවර්ධනට මෙන්ම තම මවට ද කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
ADVERTISEMENT
පවුලේ සියලුදෙනා සිදුකල පී.සී.ආර්. පරීක්ෂවලදී ඒ බව දැනගත්තේ යැයිද ඔහු පවසයි.
නුවන් ගුණවර්ධන මහතා රෝහල් ගත වී ප්‍රතිකාර ලබන බවත්, තමා හා මව ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.