පොලිස් නිල ඇඳුමින් සිටියදී හෙරොයින් කිලෝග්‍රෑම් 50ක තොගයක් සමග පොලිස් නිලධාරියෙකු හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බව සඳහන්ය.
සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මඟින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.










