• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උදේ ඇවිත් කියනවා පල්ලියට පහරදීමක් තියනවා කියලා! හවස ඇවිත් කියනවා ඒක වැරදීමක් කියලා -සාගර හෙට්ටිආරච්චි පියතුමා

September 30, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
පුදුමයි ඒත් ඇත්තයි! මේ වෙන්නේ මොකද්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook
වත්තල බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ගැන නාවික හමුදා නිලධාරීන් පැමිණි සිදුකළ දැනුම්දීමක් පිළිබඳව ද මේ වනවිට සංවාදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

ඊයේ (29) ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ , දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සඳහන් කරමින් සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් බවයි.

මෙම සිද්ධිය පිළිබඳව කලබලවීමට හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරන බව ද එම නිවේදනයේ සඳහන් ය.

වත්තල බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයට නාවික හමුදා සමාජිකයින් පිරිසක් පැමිණ මේ තොරතුර දැනුම්දී තිබුණේ, ඊයේ පෙරවරුවේයි.

”එක්කෙනෙක් දේවස්ථානය ඇතුළට ඇවිල්ලා මට කිව්වා අපේ උසස් නිලධාරී මහත්මයෙක් කතා කරනවා. දෙවස්ථානයේ පියතුමා බැහැරක් ගිහිල්ලා තියනවා. ඒ නිසා පොඩ්ඩක් එන්න කියලා. ඊට පස්සේ මම වාහනට ළඟට ගියාම ඒ උසස් නිලධාරී මහත්තයා වගේ ඉන්න කෙනා කිව්වා සහරාන්ගේ ප්‍රහාරය වගේ නැවත එල්ලවෙන්න පුළුවන් දෙවි මැදුරුවලට. ඒකයි අපි ආවේ දැනුවත් කරන්න ඒ නිසා කතෝලික පියතුමන්ලා වගේ ඇඳගෙන එන්න පුළුවන්. නැත්නම් වෙනත් විදිහට අඳුරන්නේ නැති ජනතාව අතරේ ඉන්න පුළුවන් අවධානයෙන් ඉන්න කිව්වා. ඊට පස්සේ මම පියතුමා තව සුළු මොහොතකින් එයි කියපුවාම ඒ වෙලාවේ නතර වුණේ නැහැ. මම කිව්වා නොම්බරේ දෙන්න කියලා. ඊට පස්සේ නොම්බරයක් දුන්නා දීලා එයාලා යන්න ගියා”

                                                                                                               – ක්‍රිස්ටි ඔස්මන් පෙරේරා –

එලෙස පිටව ගිය නිලධාරීන් ඊයේ පස්වරුවේ මෙම දේවස්ථානයට නැවත පැමිණ තිබිණ.

බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයේ මීසම් පාලක ගරු ජයන්ත නිමල් විදානාරච්චි පියතුමා සඳහන් කළේ, පස්වරුවේ මේ පිළිබඳ තමාගෙන් විමසීමට උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරෙන් කණ්ඩායමක් පැමිණි බවයි.

”හවස මේ ගැන මගෙන් විමසන්නට උස්වැටකෙයියාවේ පිහිටි නේවි කඳවුරෙන් නාවික හමුදා කණ්ඩායමක් ආවා. ඇවිල්ලා මේ ගැන විමසලා එයාලා CCTV කැමරා ඔස්සේ ඔක්කොම බලලා එයාලා මට අවසානෙදි කිව්වා . හොයලා කරලා මේවා කරලා අද මේ කණ්ඩායම ඇවිල්ලා තියෙන්නේ වැලිසර කෑම්ප් එකෙන් කියලා. ඇවිල්ලා තියෙන්නේ පොඩි වැරදීමක් වෙලා කියලා තමයි එයාලා ඒ අවස්ථාවේදී ගියේ”

මේ අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අප කළ විමසීමකදී පැවසුවේ, මෙය සිදුවූ අකාරය පිළිබඳව විමසා බැලීමක් සිදුවන බවයි.

මෙය වැරදි සන්නිවේදනයක් බව පෙන්වා දුන් නාවික හමුදාපතිවරයා වරද නිවැරදි කිරීමට පියවර ගත් බව ද කියා සිටියේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ, මෙය වැරදි අවබෝධයකින් සිදුවූවක් බවයි.

මේ අතර කතෝලික සභාවවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසන්නේ, නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ගොස් මෙවැනි තොරතුරක් පිළිබඳ පියතුමන්ලාට දැනුම් දුන්නේ නම්, එම තොරතුර බැරෑරුම් තොරතුරක් විය යුතු බවත් පසුව එය වැරදීමකින් සිදු වූ දෙයක් බව පවසන්නේ නම්, එහි ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති බව ත් ය.

”නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ගිහිල්ලා පියතුමන්ලාට දැනුම් දෙන මේ තොරතුර බැරෑරුම් තොරතුරක් නේ, එතකොට මේ තොරතුර මෙහෙම කියලා ඊට පස්සේ කියනවා නම්, මේක වැරදීමකින් සිද්ද වෙච්ච දෙයක් කියලා එතකොට ලොකු ප්‍රශ්නයක් තියනවා. ජාතික ආරක්ෂාව පිළිබඳව. මේකද ආරක්ෂක වැඩපිළිවෙළක එහෙම නැත්නම් ජාතික ආරක්ෂාව වගේ ඉතාම බැරෑරුම් කාර්යබාර්යකදී සිදු විය යුතු දේ. ප්‍රහාරයක් එල්ලවීමේ පොදු අනතුරක් තියනවා නම් එහෙනම් කළ යුතුව තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හරි එහෙම නැත්නම් බුද්ධි අංශය හරි කවුරුහරි නිල වශයෙන් වගකීම දරන්නට පුළුවන් කෙනෙක් අතිඋතුම් කාදිනල් හිමිපාණන්ට නිල වශයෙන් දැනුම් දෙන එක.මේ ආපු නිලධාරීන් ඒගොල්ලන්ගේ උවමනාවෙන් කල්පනා කරලා යන්න නැතුව ඇති නේ. කොහෙන් හරි අණකිරීමක් වෙන්න ඇතිනේ මේ නිලධාරීන්ට මේ මේ පල්ලිවලට ගිහිල්ලා නැත්නම් මේ මේ ප්‍රදේශයට ගිහිල්ලා දේවස්ථානවලට දැනවත් කරන්නට කියලා. එතකොට කොතන ද මේ වරද්දගත්තේ කියන එක සොයා බලන්නට ඕනි. මොකද මේක විහිළුවක් නෙමෙයි”

මේ අතර සංචාරක කලාපයක් වන ප්‍රදේශයක මෙවැනි සිදුවීමක් වාර්තාවීම ගැටලුවක් බව ද මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ.

එම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පමුණුගම ජා-ඇල වෙරළබඩ ප්‍රදේශය භාර ප්‍රධාන පියතුමා වන ගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ප්‍රශ්න කර සිටින්නේ, මෙම සිදුවීම්වල වගකීම භාරගන්නේ කවුරුන් ද යන්නයි.

”දැන් මේ ප්‍රදේශය සංචාරක කලාපයක්. බියට පත්වෙලා සංචාරකයින් ලංකාවට එයිද මේ තත්ත්වයක් මත. මේ සියල්ල එකට ඈදෙනවා මේ ප්‍රශ්නය මධ්‍යයේ. කවුද මේ වගකීම භාරගන්නේ රජයේ. අපි කාටද මේ ගැන කියන්නේ. ඊට පස්සේ හැන්දෑ වෙනකොට උස්වැටකෙයියාව මුරපොළෙන් ඇවිත් සමාව ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් එතකොට උදේ ඇවිත් කියනවා හවස පහරදීමක් තියනවා කියලා. දැන් හවස ඇවිත් කියනවා ඒක වැරදීමක් කියලා. නාවික හමුදාපති හවස්වරුවේ කතා කරලා සමාව ඉල්ලලා තියනවා. කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ඉල්ලලා තියනවා මේ සම්බන්ධයෙන්.ඉදිරියට දැන් නත්තල් සමය ඉස්සරහට එන්නේ සංචාක ව්‍යාපාරය මේ භිතියත් එක්ක මේකෙන් බලපෑමක් තියෙනවා” -නිව්ස් ෆස්ට්

SendShareShare
Previous Post

ඩඩ්ලිලට ඕන විදිහට වී මිල වැඩි කරන්න බෑ -ඇමැති! ප්‍රධාන වී මෝල් හිමියන් කරපු වැඩේ හරි! ඒක ඉදිරිගාමී වීමක් -පොහොට්ටු මන්ත්‍රී! (VIDEO)

Next Post

යාපනයේ කොල්ලො පස්දෙනෙක් කිනිසිත් එක්ක අත්තනගල්ලේ සමාගමකින් අල්ලයි!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.