කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) තීරණය කර තිබේ.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකිරීමට නියමිතව තිබේ.
මීට අමතරව චමින්ද කුලරත්න මහතා දූෂණ වරදක් සිදු කරන ඇති බවට චෝදනා කරමින් ආර්. කන්නන් නම් පුද්ගලයෙකු විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමට ද අල්ලස් කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ.
කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස පත් කළ ක්‍රියා පටිපාටිය වැරදි බව ඔහු සිය පැමිණිල්ල මගින් කියා තිබේ.
බ්‍රහස්පතින්දා කොමිසම රැස්වූ විට පැමිණිලි දෙක සලකා බලන ලද අතර පැමිණිලි දෙකම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙස අල්ලස් කොමිසමෙහි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දෙන ලදී.
පළමු පියවර ලෙස, පැමිණිලි දෙකට අදාළ ලේඛන සඳහා කොමිසම විසින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීමට නියමිතය. අදාළ ලේඛන විශ්ලේෂණය කිරීමෙන් පසු, කථානායක වික්‍රමරත්න සහ කුලරත්න යන දෙදෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කර ගනු ලැබේ.










