පසුගිය කාලසීමාවේ ආන්දෝලනයට තුඩු දුන් කාබනික පොහොර ගනුදෙනු පිළිබඳව ජාතික විගණන කාර්යාලය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා සඳහන් කළේ, චීන කාබනික පොහොර නෞකාව සම්බන්ධයෙන් සහ ඉන්දියාවෙන් කාබනික දියර පොහොර ආනයනය කිරීමේ ක්‍රියාවලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
විමර්ශන වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
චීනයේ චින්ඩාවෝ බයො ඒන්ටෙක් ආයතනයෙන් ආනයනය කළ කාබනික පොහොර නෞකාව මෙරට ප්‍රමිතියට අනුකුල නොවීම නිසා ඒවා ප්‍රතික්ෂේප කිරීමට ශාක නිරෝධායන ඒකකය පසුගිය කාල සීමාවේ පියවර ගත්තේ ය.
කෙසේවෙතත් ණයවර ලිපි විවෘත කර තිබියදී ශ්‍රී ලංකාව එම නැව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිදු වූ පාඩුව වෙනුවෙන් අදාල චීන සමාගමට මහජන බැංකුව ගෙවූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 6.9 කි.
ඇති වූ ගැටලුකාරි තත්ත්වය හමුවේ මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට ද චීනය පියවර ගත්තේ ය.
පොහොර තොගය පරීක්ෂා කිරීමට පෙර ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීමට අවසර දුන්නේ කවුරුන් ද යන්න පිළිබඳව ඇති වුණේ ගැටලුවකි.
එමෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් පොහොර ඉන්දියාවේ අලෙවි වන මිලට වඩා වැඩි මිලට මිලදී ගැනීම සම්බන්යෙන් ද පසුගිය කාලසීමාවේ දැඩි සංවාදයට ලක්විය.