• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝට්සිටිය ගැන අමෙරිකාව කියපු කතාවට චීනය සැර උත්තරයක් දෙයි!

August 5, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
පෝට්සිටිය ගැන අමෙරිකාව කියපු කතාවට චීනය සැර උත්තරයක් දෙයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් මෑතකදී සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට කොළඹ වරාය නගරයේ ඉදිතිරීම් බාරව සිටින චීන සමාගම පියවර ගෙන ඇත.

තනාපතිනිය එල්ල කල චෝදනාවට ප‍්‍රතිචාර දක්වමින් වරාය නගර සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කොළඹ වරාය නගර ඉදිකිරීම් සමාගම පිළිබඳ ඇමෙරිකානු තානාපතිනියගේ ප්‍රකාශය නොමඟ යවන සුලුයි!

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින්, 2021 ජූලි 29 වන දින මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ වරාය නගර ආයෝජන සමාගම වන සී.එච්.ඊ.සී පෝට්සිටි කලම්බු (පුද්.) සමාගම (CHEC Port City Colombo (Pvt) Ltd ) විසින් සිදුකරනු ලබන කරුණු පැහැදිලි කිරීමයි.

තානාපතිනී ටෙප්ලිට්ස් මහත්මිය එහිදී මාධ්‍යවේදීන් හමුවේ පහත ප්‍රකාශය සිදු කර තිබුණි.

(උපුටා ගැනීම)

“වරාය නගර සංවර්ධනයේ නිරත වී සිටින සමාගමක් ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් වී ඇති බැවින්, එම සමාගම සමග ගනුදෙනු කිරීම යෝග්‍ය නොවීමට ඉඩ තිබේ.” (උපුටා ගැනීම අවසන්).

CHEC Port City Colombo සමාගම හෝ එහි මවු සමාගම් වන China Harbour Engineering Company සහ China Communications Construction Company යන සමාගම් 2020 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක සමාගම් ලැයිස්තුවට ඇතුළත් වී නොමැත.

අප විසින් මීට ඉහත 2020 වසරේ අගෝස්තු මාසයේදී පැහැදිලිව දක්වන ලද ආකාරයටම, ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් China Communications Construction Company හි අනුබද්ධ සමාගම් සහ CHEC Port City Colombo අතර කිසිදු සෘජු ව්‍යාපාරික සම්බන්ධයක් නැත.

ඇමරිකා එක්සත් ජනපදයේ මෙම අසාධු ලේඛනයට ඇතුළත් කර ඇත්තේ, දකුණු චීන මුහුදේ ගොඩකිරීම් කටයුතු වල නිරත වූ අනුබද්ධ සමාගම් කිහිපයකි.

කොළඹ වරාය නගරයට අදාළ මුහුද ගොඩකිරීම් කටයුතු සිදුකරන ලද්දේ ඍජුවම සී.එච්.ඊ.සී පෝට්සිටි කලම්බු (පුද්.) සමාගම (CHEC Port City Colombo (Pvt) Ltd) ඔස්සේ CCCC හි වෙනත් අනුබද්ධ සමාගමක් මගිනි.

තවද, කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගමේ මවු සමාගම වන CCCC සමාගමට එරෙහිව කිසිදු අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය මගින් සම්බාධක පනවා නොතිබූ බවද සඳහන් කළ යුතු ය.

CCCC යනු ගෝලීය ධනවත් සමාගම් ලැයිස්තුව වන Fortune 500 සමාගමක් වන අතර, එය මේ වනවිට එම ලයිස්තුවේ 78 වන ස්ථානයෙහි පසුවේ.

කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් කටයුතු අවසන් වූයේ 2019 වසරේ ජනවාරි මාසයේදී ය.

එහි අති-නවීන අභ්‍යන්තර යටිතල ව්‍යුහයන් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින අතර, ඉඩම් කොටස් 20 ක ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු නුදුරේදීම ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනියගේ ප්‍රකාශය නොමඟ යවනසුලු එකක් බව පෙන්වා දෙන අතරම, කොළඹ වරාය නගරය පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙම නිවේදනයෙහි අරමුණ වේ.

ආයෝජනයට හිතකර ප්‍රතිපත්ති සහ කාර්යක්ෂම පරිපාලන ක්‍රමවේදයන් පැවතීම මෙන්ම, නිශ්චිත මූලධර්මයන් අනුව මැනැවින් සැලසුම් කර තිබීම යනාදී සාධක හේතුවෙන් කොළඹ වරාය නගරය, කිසිදු ජාති භේදයකින් තොරව ලොව සියලුම ආයෝජකයන් හමුවේ ඇති ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක් බවට පත්වී තිබේ.

SendShareShare
Previous Post

කරාපිටියත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි! කලාතුරකින් වෙන දෙයක්!

Next Post

ආර්ථික අර්බූදය දරුණු අතට! අගමැති නිල නිවෙස උත්සවවලට කුලියට දෙන්න තීන්දු කරයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.