මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් පසුගිය දා ශ්‍රී පාදය වන්දනා කර තිබෙනවා. වන්දනා නඩ සහ වික්‍රමයන්ට ප්‍රියකරන පුද්ගලයන් සමඟ එක්ව තමන් පසුගියදා ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගත් බව යි ඇය කියන්නේ.Sri Lanka Latest News
සමනල කන්දේ ඇති ස්වභාව සෞන්දර්යය, ඓතිහාසික වැදගත්කම අගය කරමින් සහ සියලු ආගම් ශ්‍රී පාදස්ථානයට දක්වන ගෞරවය සිතෙහි තබා ගෙන තමන් ශ්‍රී පාද කන්ද තරණය කළ බව ඇය සඳහන් කරනවා. ශ්‍රී පාද කන්ද තරණය කිරීම අභියෝගයක් ගෙනදුන් නමුත් කඳු මුදුනට දර්ශනය වන ඉර සේවය දුටු විට එම අභියෝගය බාර ගැනීම පිළිබඳ තමන් සතුටු වූ බවයි තානාපතිනිය කියන්නේ.
මේ ගමනේ තමන් ලද හොඳම අත්දැකීම වන්නේ ශ්‍රී පාද කඳු මුදුනට යන ගමනේ දී දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් බව ඇය කියනවා. අතර මගතේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබා දුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තමන්ට තිබූ ගෞරවය තවත් වැඩි කළ බවයි තානාපතිනිය පවසන්නේ.
චන්ග් මහත්මිය ඉදිරියේදී ලංකාවේ සේවා කාලය අවසන් කොට යළි අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.














