ගායන ශිල්පී චාමර රණවක පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු ගායන ශිල්පී චාමර රණවක පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී ඔහුට රුපියල් 20,000ක දඩ මුදලක් පැනවීමටයි අධිකරණය අද (18) නියෝග කළේ.
තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) නොමැතිව යතුරුපැදියක් ධාවනය කිරීමේ චෝදනාවට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. Sri Lanka Latest News
ඔවුන් එලෙස හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, එම වීඩියෝව පහත දැක්වේ.










