• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතියේ ආධිපත්‍යට අභියෝග කරමින් රනිල් නීතිය සෙල්ලමකට අරන්! ප්‍රජාතන්ත්‍රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරලා! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට-මැතිවරණ ක්‍රියාවලියට- ව්‍යවස්ථාදායක සභාවට-ස්වාධීන කොමිෂන් සභා යන සියල්ලටම බලපෑම් කරනවා! මේ සෙල්ලම හැමදාම කරන්න බෑ! කවදා හරි ජනාධිපතිතුමාට පස්වන පටුමගේ නිවස වෙනුවට වැලිකඩ H ලිපිනය තෝරගන්න වේවි! ඩලස් රනිල්ට අනතුරු අඟවයි! VIDEO I Sri Lanka Latest News

February 28, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍යට අභියෝග කරන්න පැකිලෙන්නේ නෑ. හැකි සෑම අවස්ථාවකම ඔහු නීතිය සෙල්ලමකට ගන්නවා. මේ පූර්වාදර්ශය අප රට විධායක ජනාධිපතිවරණයේ නරකම පූර්වාදර්ශය යැයි, අද නාවල කොස්වත්ත “නිදහස” ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය ඇමතූ එහි නායක, ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රියාවලිය, ව්‍යවස්ථාදායක සභාව, ස්වාධීන කොමිෂන් සභා වැනි ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරන ආයතන වලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමින් හෝ බලය රැකගැනීමයි ආණ්ඩුවේ උවමනාව.

අපේ ඉතිහාසයේත් ලෝක ඉතිහාසයේත් මේ ආකාරයට හැසිරුණු කිසිවෙකුට ගෞරවයක් නැහැ. වැලිකඩ හිරගෙදර “H” වාට්ටුව අවසාන ලිපිනය කර ගන්න කැමතිනම් පමණක් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට සූදානම් වන්නැයි අපි ඒ සැමට මතක් කරන්න කැමතියි.

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ අභිරහස් ඝාතනය ගැන කතා කළ මන්ත්‍රීවරයා පැවසුවේ, මෙවැනි නිර්භීත අවංක රාජ්‍ය සේවකයින් ඝාතන කිරීමෙන් පැහැදිලි වන්නේ ඝාතක වුවමනාව පුද්ගලයෙකු නොව රාජ්‍ය සේවය ඝාතන කිරීම බවයි. රාජ්‍ය සේවයට දැල්වුණු රතු සංඥාවක් ලෙස එය තේරුම් ගන්නැයි ඔහු මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

පසුගිය වසරේ එනම්, 2023 හි රුපියල් බිලියන 1.9 ක ශුද්ධ ලාභයක් ලැබූ ලංකා රෝහල (Lanaka Hospital) ආයතනය අප්‍රේල් මාසයට පෙර විකුණා දැමීමට ආණ්ඩුව රහසේ සැරසෙනවා. සිංගප්පූරුවට, ඉන්දියාවට නොගොසින් අඩු මුදලකින් මහා පරිමාණ ශෛල්‍යකර්ම කරන ගැනීමට තිබූ එකම රෝහල මෙලෙස විකුණන් කෑමට හිතක් පපුවක් නැද්දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ වසර පහකට (5) මැතිවරණ හතරක් (4) පවත්වනවා. මොන තරම් කාළයක් ධනයක් රාජ්‍ය සම්පත් විනාශ කරනවා ද? ජනාධිපතිවරණයත් මහමැතිවරණයත් එකම දවසේ පැවැත්විය හැකියි. පළාත් සභාවත් පළාත් පාලනයත් එක දවසකම පැවැත්විය හැකියි. නිදහස ජනතා සභාව ලෙස අපි මේ ගැන වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා. ඉන්දුනීසියාවේ එකම දිනයක දී මහජන ආයතන පහකට (5) නියෝජිතයින් තෝරා පත් කර ගන්නවා. පසුගිය පෙබරවාරි 17 එය පැවැත්වූවා. ජනාධිපති, උප ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් පාර්ලිමේන්තු සහ පළාත් පාලන මැතිවරණ පවත්වන්නේ එකම දිනයකදීයි. ඉන්දුනීසියාවේ ඡන්ද දායකයින් මිලියන 204 යි. අපේ මිලියන 16 යි. එරට, ඡන්ද මධ්‍යස්ථාන අට ලක්ෂ විසිදාහයි (820,000) අපේ දහතුන්දාහයි (13,000) දූපත් 1700ක් තියෙන, කාල පාරාසයන් තුනක් (3) තියෙන මිලියන 240ක ජනගහනයක් වාසය කරන රටක එකම දිනක දී ව්‍යවස්ථාපිත ආයතන පහටම (5) මැතිවරණ පවත්වන්නේ නම් මේ පුංචි දූපතේ එය කළ නොහක්කේ මන්ද? සල්ලි නැහැ කියලා ඡන්ද කල් දමන ලෝකයේ එකම රටට තියෙන හොඳම විසදුමත් ඒකයි. එක ආයතනයක බලය ගෙන රැල්ලක් මවා අනෙක් ආයතන ඩැහැ ගැනීමේ අශිෂ්ඨ ක්‍රමවේදය වලක්වා ගෙන රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් නොවෙමින් කාළය නාස්ති නොකොට මේ වසරේ සැප්තැම්බර් 18 ඔක්තෝම්බර් 18 කාළය අතර තුර ජනාධිපතිවරණය සමඟ මහමැතිවරණයත් පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහ ජනාධිපතිවරයාට යෝජනා කළ මන්ත්‍රීවරයා ඒ වෙනුවෙන් නිදහස ජනතා සභාවේ පූර්ණ සහය ලබා දෙන බව ද අවධාරනය කළේය.

ඊයේ අපිට ඉතා කණගාටුදායක පුවතක් වාර්තා උනා. හිටපු මුදල් අමාත්‍ය, රොනී ද මෙල් මැතිතුමාගේ අභාවය පිලිබඳව. එතුමා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලද නායකත්වය දරණ ලද, රුහුණු විශ්ව විද්‍යාල ප්‍රමුඛ බොහෝ සම්පත් ලබා දීමට කටයුතු කල අවුරුදු 11ක කාලයක් මුළුල්ලේ අයවැය ලේඛන 11ක් ඉදිරිපත් කල අමාත්‍යවරයෙක්.

මාගේ මතය අනුව, ආචාර්ය එන්. එම්. පෙරේරා මැතිතුමා සහ රොනී ද මෙල් මැතිතුමා පමණමයි, ඔවුන් විසින් ම අයවැය ලේඛනය හදා ගත් මුදල් ඇමතිවරු. අනිත් සියලු දෙනාම අඩු වැඩි වශයෙන් නිලධාරීන් විසින් සකස් කර දෙනු ලබන ලේඛන පාර්ලිමේන්තුට ගෙනල්ලා කියවන එක විතරයි කරේ. වර්තමාන මුදල් අමාත්‍යවරයා ද ඇතුළුව. ඒක තමයි ඉතිහාසය, ජනාධිපතිවරු කීපදෙනෙක් හිටියා මුදල් ඇමතිවරු විදියට, ඔවුන්ගෙන් කිසි කෙනෙක් ඔවුන්ගේ ස්වශක්තියෙන් ඔවුන්ගෙන් චින්තනය මත අයවැය ලේඛන හදපු අය නෙමෙයි. මං නැවත කියනවා කෘතවේදීව ආචාර්ය එන්. එම්. පෙරේරා රොනී ද මෙල් කියන මුදල් ඇමතිවරු දෙන්නා ඔවුන්ගේ චින්තනය, ඔවුන්ගේ වෙහෙස, ඔවුන්ගේ දැනුම පාවිච්චි කර අයවැය සම්පාදනය කළ මුදල් ඇමතිවරු දෙදෙනෙක්. ඒ ජ්‍යෙෂ්ඨ හිටපු අමාත්‍යවරයාට නිදහස ජනතා සභාවේ ගෞරවය ප්‍රකාශ කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.

SendShareShare
Previous Post

මාර්තු 5 වැනිදා උදේ 10 සිට දවල් 2 දක්වා ශ්‍රී ලන්කන් ප්‍රසිද්ධියේ විකුණනවා!  I Sri Lanka Latest News

Next Post

හරීන් ක්‍රිකට් කණපිට පෙරළන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.