ජනාධිපතිවරයා විසින් සිදුකළ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතාද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සිය අමාත්‍යංශයේ තිබූ බඩුබාහිරාදිය පවා ඉවත් කර ගැනීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
පසුගිය කාලය පුරාම තම අමාත්‍ය ධූරයෙන් නිසි අයුරින් වැඩක් කිරීමට නොහැකි වීමෙන් කලකිරීමට පත්ව සිට ඇති අමාත්‍යවරයා මෙවර කැබිනට් සංශෝධනයේදී වැඩක් කළ හැකි අමාත්‍ය ධූරයක් බලාපොරොත්තුවෙන් සිට ඇති බව වාර්තා වේ.
නමුත් සිය දිස්ත්‍රික්කයේම මන්ත්‍රීවරයකු වූ එස්.බී. දිසානායක මහතා හට වැඩ කළ හැකි අමාත්‍යංශයක් ලබා දීම හරහා සී.බී. රත්නායක මහතා දැඩි කලකිරීමට පත්ව සිටින බව පැවසේ.
ඒ අනුව අද දිනයේදී බොහෝදුරට රත්නායක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බව දැනගන්නට ඇත.










