රටේ දැනට මතුව ඇති ඩොලර් හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා වරායේ සිරව ඇති බවත්, රට භයානක තත්ත්වයකට යමින් තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එම නිසා වාහන පාවිච්චිය පවා ඉතා අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතු බව කී ඒ මහතා අඩුම වශයෙන් වාහනයක තිදෙනෙක්වත් නොමැතිව පාරට නොදැමිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවද කියා සිටියේය.
ඉදිරියේදී කෑම පවා හිග වන තත්ත්වයක් මතුවනු ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා දැන්ම තියා ගෙදර එළවළුවක් පළතුරක් වගා කළ යුතු බවද කියා සිටියේය.