ජල ගාස්තුව 50%කින් පමණ ඉහළ දැමීම නිසා ආහාර පානවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.Sri Lanka Latest News
ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තුව වැඩි වීම හරහා වැඩි වන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ.
මේ හේතුව නිසා ආපනශාලා වෙත එන පාරිභෝගිකයන්ට වැසිකිළි පහසුකම් ද ලබා නොදීමට සිදුවන බවයි ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.










