මෙතෙක් කල් වෙළෙද ප්‍රතිපත්ති හේතුවෙන් චීනයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නවසීලන්තය පළමු වතාවට චීනයට එරෙහිව සිය හඩ අවදි කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව නවසීලන්ත විදේශ අමාත්‍ය නැනියා මහූටා (Nanaia Mahuta) ප්‍රකාශ කොට ඇත්තේ තවදුරටත් චීනය සම්බන්ධයෙන් නිහඩව සිටීම හේතුවෙන් නවසීලන්තය දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.
නවසීලන්තයේ විශාලතම වෙළෙද හවුල්කරුවා වන චීනය නවසීලන්තයේ සමස්ත වෙළඳාමෙන් 30% ක් පමණ පාලනය කරමින් සිටින අතර මුලු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 10.8ක් පමණ වේ.
නවසීලන්තය වැඩි වශයෙන් චීනයට අපනයනය කරනු ලබන්නේ කිරි ආශ්‍රිත නිෂ්පාදනයන්‍ය. පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාව උයිගර් මුස්ලිම්වරුන්ට චීනය සලකන ආකාරය පිලිබදව විරුද්ධ වූ අතර ඒ හේතුවෙන් චීනය ඕස්ට්‍රේලියාවෙන් වයින් ආනයනය කිරීම 96% කින් අඩු කිරීමට කටයුතු කරන ලදී. මෙම ප්‍රශ්නය පිලිබඳ කතා කළහොත් තමන්ටද එවැනි දේකට මුහුණ දීමට සිදුවෙතැයි නවසීලන්තය දැඩි බියකින් පසු වේ.
චීනය තමන් අකමැති ඕනෑම දෙයක් කරන බොහෝ ජාතීන්ගේ සතුරන් බවට පත්වේ. බීජිංහි කොමියුනිස්ට් පක්ෂය දිගු කලක් තිස්සේ ලොව පුරා රටවල් සමඟ වාසිදායක ආර්ථික සබඳතා පවත්වා ගෙන යන්නේ ඔවුන් විවේචනාත්මක ප්‍රශ්න ඇසීම නතර කිරීමට බව මේ අනුව පෙනී යයි. ජනාධිපති ෂී ජින් පිං යටතේ චීනය ෆැසිස්ට්වාදයට ඇද වැටී ඇති බව නැගෙනහිර ආසියා ගැසට් පුවත් සේවය වාර්තා කරයි.
මේ අතර චීන රජය විසින් උයිගර් කාන්තාවන් බලහත්කාරයෙන් උපත් පාලනයට යොමු කිරීම (වඳ කිරීම ) සහ උයිගර්වරුන්ව බලහත්කාරයෙන් වහල් සේවයේ යෙදවීම පිළිබඳව දිනෙන් දිනම වැඩිවශයෙන් පුවත් මතුවෙන් පවතී.