ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම ලබන අයවැයෙන් සිදුකිරීම සඳහා අවධානය යොමු කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (26) රාත්‍රියේ තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්වී ඇති අතර ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීමට සුදුසු බවට ඇමැති මණ්ඩල එකඟතාව පළ වූ බවත්, පිළිබඳව ගුරු සංගම් සමග අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීන්දු කෙරී ඇත.
අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. මහාචාර්ය ජී.එල්. පීරිස්, රමේෂ් පතිරණ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ද ඊට එක්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ලබාගැනීමට ද තීන්දු විය.










