• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවමත් ඇල්ලුවේ නැති කෝටි හතරාමාරේ BMICH වාහන හොරා ලෝක අංකූරෙක්! වෙලාවකට ශල්‍ය වෛද්‍යවරයෙක්! තවත් වෙලාවකට ඉංජිනේරුවෙක්! ගුරුවරයෙක්! ව්‍යාපාරිකයෙක්! බොරු නම් කීපයක්! සිංහල-දෙමළ-ඉංග්‍රීසි වතුර වගේ! එක පාරක් බොරැල්ල පොලිස් කූඩුවේ කූරු කපලා විදුලිය විසන්ධි කර පැනලා! තවත් පාරක් බන්ධනාගාරෙනුත් පැනලා ගිහින්! යතුරු කපන්න-ලොක් අරින්න රියල් වැඩ්ඩෙක්ලු! I Sri Lanka Latest News

January 16, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
තවමත් ඇල්ලුවේ නැති කෝටි හතරාමාරේ BMICH වාහන හොරා ලෝක අංකූරෙක්! වෙලාවකට ශල්‍ය වෛද්‍යවරයෙක්! තවත් වෙලාවකට ඉංජිනේරුවෙක්! ගුරුවරයෙක්! ව්‍යාපාරිකයෙක්! බොරු නම් කීපයක්! සිංහල-දෙමළ-ඉංග්‍රීසි වතුර වගේ! එක පාරක් බොරැල්ල පොලිස් කූඩුවේ කූරු කපලා විදුලිය විසන්ධි කර පැනලා! තවත් පාරක් බන්ධනාගාරෙනුත් පැනලා ගිහින්! යතුරු කපන්න-ලොක් අරින්න රියල් වැඩ්ඩෙක්ලු! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති කාර්යාල කාමර දෙකක් කුලියට ගෙන වාහන වෙළෙඳ ආයතනයක කාර්යාලයක් පවත්වාගෙන යමින් වාහන දෙකක් මිල දී ගැනීමට පැමිණි ගැනුම්කරුවන් දෙදෙනකුගේ රුපියල් හාරකෝටි පනස්පන් ලක්ෂයක මුදලක් රැගෙන පලා ගිය පුද්ගලයා, වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් වාහන පැහැර ගැනීමක් සම්බන්ධයෙන් 2009 වසරේදී බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී පොලිස් ස්ථානයේ විදුලිය විසන්ධි කරවා පලා ගිය අයකු බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.Sri Lanka Latest News

මෙම පුද්ගලයා බොරැල්ල පොලිස් සිර මැදිරියේ රඳවා ගැනීමේ නියෝගයකින් රඳවා සිටියදී විදුලිය විසන්ධි කර පලා යන්නේ පොලිස් ස්ථානයේ සුළු සේවකයකුගේ සහාය ඇතිව පොලිසියේ උපසේවා අංශයේ විදුලි වයර් දෙකක් එකට ගෑවීමට සලස්වා ට්‍රිප් ස්විචය ක්‍රියාත්මක කරවාය.

එම සේවකයාගේ සහාය ඇතිව මෙම පුද්ගලයා කියත් පටියක් සිරමැදිරය තුළට ගෙන්වාගෙන සිර මැදිරියේ කම්බි කූරු කපා ඇති බවත් විදුලිය විසන්ධි කළ දිනයේ එම කම්බි කූරු ඈත් කර ඔහු අඳුරේම පලා ගොස් ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. මෙම පුද්ගලයා සංවිධානාත්මකව වංචාවල නිරතව සිටින්නකු බවත් යතුරු කැපීමේ සහ අගුල් විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂඥයකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. බොරැල්ල පොලිසියෙන් පලා ගිය සැකකරුව පසු කාලයක අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. වැඩි කලක් ඔහු බන්ධනාගාරගතව සිට නැති අතර, බන්ධනාගාරයෙන් ද පලා ගොස් තිබේ. ඊට ද බන්ධනාගාර නිලධාරියකුගේ සහාය ඔහුට ලැබී තිබුණු බව විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

එසේ බන්ධනාගාරයෙන් පලා ගිය මෙම පුද්ගලයා නැවත මතුවන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිදුවූ රුපියල් හාරකෝටි පනස්පන් ලක්ෂයක මුදල් වංචාවත් සමඟිනි. එම වංචාව සිදු වන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදාය.

ස්ථීර පදිංචි ස්ථානයක් මෙම පුද්ගලයාට නැත. රෆීක් මොහොමඩ් ෂරීෆ් නමැති ඔහු මයිකල්, රිවස්, වැනි නම්වලින් හඳුන්වන බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා විට නවාතැන් ගෙන සිට ඇත්තේ ජාඇළ පිහිටි නිවෙසකය. වැල්ලම්පිටියේ ද ඔහු කාලයක් නවාතැන් ගෙන සිට ඇත.

සිංහල, දෙමළ හා ඉංශ්‍රීසි භාෂා ඔහුට චතුර ලෙස හැසිරවීමට හැකි බවත් පරිහරණය කරනු ලබන්නේ සුඛෝපභෝගී ජීප් රථ බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. එකල ඔහු තමන් ගමන් කරන වාහනයේ ඉදිරිපස වීදුරුවේ ආරක්ෂක අමාත්‍යාංශය ලෙස පුවරුවක් සවි කර ගමන් කර ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. පොලිස් නිලධාරීන් ඔහු ගමන් ගන්නා වාහන නවතා පරීක්ෂා කිරීමේදී ඉංශ්‍රීසි භාෂාවෙන් ඔහු තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ බව සඳහන් කරමින් එක දිගට කතා කරන බවත් එහිදී පොලිස් නිලධාරීන් ද කලබල වී පරීක්ෂා කිරීමකින් තොරව ඔහුට යන්නට ඉඩ දෙන බවත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් එකල බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය මඟින් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මුස්ලිම් ජාතිකයකු වන මෙම පුද්ගලයා බොහෝ තැන්වල පෙනී සිට ඇත්තේ සිංහල ජාතිකයකු ලෙසිනි. බදුල්ලේ ලිපිනයකින් සිංහල ජාතිකයකු ලෙස සකස් කළ ව්‍යාජ ජාතික හැඳුනුම්පතකින් ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කාර්යාල දෙකක් කුලියට ගෙන ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙම පුද්ගලයාව බොරැල්ල පොලිසිය මඟින් එකල අත්අඩංගුවට ගෙන ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් මෝටර් රථයක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

එකල මෙම පුද්ගලයා පෙනී සිට ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවයේ නිරත ශල්‍ය වෛද්‍යවරයකුගේ නමින් සකස් කළ ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ද අතැතිවය.

පුවත්පත්වල වාහන විකිණීම් සම්බන්ධයෙන් පළ කර ඇති දැන්වීම්වල සඳහන් මිල අධික වාහන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන මෙම පුද්ගලයා වෛද්‍ය වෙසින් එම වාහන පරීක්ෂා කිරීමට ගොස් වාහන පණ ගන්වන යතුර සබන් කැටයක සටහන් කර ගන්නා බව ඒ සම්බන්ධයෙන් එකල විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. අනතුරුව ඔහු සටහන් කරගත් යතුරු අනුරුවට අනුව ව්‍යාජ යතුරක් සකස් කර ගන්නා බව එම නිලධාරියා පැවසීය.

ව්‍යාජ යතුර සකස් කර ගැනීමෙන් අනතුරුව වාහනයේ හිමිකරුට දුරකතන ඇමතුමක් දෙන මෙම පුද්ගලයා සියලු ලියකියවිලි සමඟ වාහනය රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන එන ලෙස දැනුම් දෙන බව ද එම නිලධාරියා කීය. රථය රිජ්වේ රෝහලේ රථ ගාලේ තමාගේ නම පවසා නතර කරන ලෙස දැනුම් දෙන ඔහු තමාව හමුවීමට ශල්‍යාගාරයට පැමිණෙන ලෙස පවසන බවත් එම නිලධාරියා පැවසීය.

එම දුරකතන ඇමතුමට අනුව වාහනය රැගෙන ගොස් රථ ගාලේ නතර කර ශල්‍යාගාරයට යන අතරතුර මෙම සැකකරු ව්‍යාජ යතුරෙන් වාහනයේ දොරගුළු විවෘත කර වාහනය පණ ගන්වා රැගෙන යන බව එම නිලධාරියා කීය.

මේ ආකාරයට මෙම පුද්ගලයා විසින් කොළඹ හා ඒ අවට රෝහල් ආශ්‍රිතව වාහන පැහැර ගැනීම් රැසක් සිදු කර ඇති බවට තොරතුරු ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය තුළ මෙන්ම අපරාධ හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය තුළ පවා මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ගොනුවක් ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම පුද්ගලයා එක් වෛද්‍යවරයකුගේ නමින් පමණක් නොව, වෛද්‍යවරු කිහිප දෙනකුගේ නම්වලින් පෙනී සිටිමින් වාහන පැහැර ගැනීම් කර ඇති බව පොලිස් තොරතුරුවල සඳහන්ය.

වෛද්‍යවරයකු ලෙස මෙම පුද්ගලයා වැඩි වශයෙන් පෙනී සිටියත් ඉංජිනේරුවකු, ගුරුවරයකු, ව්‍යාපාරිකයකු වැනි විවිධ වෙස් ගෙන වංචා කිරීම්වල නිරතව සිට ඇති බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරක් අපරාධ හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ලබා දෙන්නන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදල් තෑග්ගක් පවා ලබා දෙන බව 2021 වසරේ අප්‍රේල් මාසයේදී පොලිස් මූලස්ථානය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කර තිබිණි. එහෙත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි සාර්ථක තොරතුරක් මහජනතාවගෙන් ලැබී තිබුණේ නැත.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

BMICH එකේ කාමර දෙකක් කුලියට අරන් හතර දෙනෙක් කෝටි හතරහමාරක ගේමක් ගහලා! තුන්දෙනෙක් අල්ලයි! මහමොළකරු අතුරුදන්! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

සජිත් ඊයේ ස්මාර්ට් පන්ති කාමරයක් දුන්නේ හොරොව්පතානේ අහිංසක දරුවන්ට! අද කලාවැව සිරිමාපුර මහා විද්‍යාලයේ දරුවන්ටත් ස්මාර්ට් පන්ති කාමරයක් දෙනවා! මේ ලංකාව වටේම තියෙන පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර ලබා දෙන නොනවතින රැල්ලේ 68 වැනි එක! VIDEO I Sri Lanka Latest News

Next Post

රතු මුහුදේ අමෙරිකන් බඩු නැවකට ‘හූති’ බැලස්ටික් ප්‍රහාරයක්! නැවට හානි! I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.