විරෝධතාකරුවන්ට පොලීසිය වෙඩි තැබූ බව කියන රඹුක්කන ප්‍රදේශයේ අද සවස ඇති වූ සිද්ධියෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කම්පනයට සහ කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සදහන් කරයි.
විරෝධතාකරුවන්ගේ සැබෑ දුක්ගැනවිලි හමුවේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඉතා සංයමයෙන් ක්‍රියා කරන බවට රජය සහතික විය යුතු බවත්, මේ සම්බන්ධයෙන්රී ස්වාධීන පරීක්ෂණයක් අවශය බවත් ඔහු සදහන් කොට ඇත.
ෆේස්බුක් සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වැඩිදුර විස්තර ඇතුළත් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බවයි.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) ද විශේෂ වාර්තාවක් කැඳවා තිබේ.










